2014 T20 ලෝක කුසලාන ඔසවන අයුරු දුරින් සිට බලා ඉන්නවා - Graham Ford

වසර දෙකකට ඉතාම ආසන්න කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය හෙබවූ ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සිය කොන්ත‍්‍රාත් කාලය නිමා වීමට පෙර ශී‍්‍ර ලංකා භූමියතුළදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට ගුරුහරුකම් දෙන අවසන් තරගය හෙට (21 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. 

එය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි/20 තරගයකි. කණ්ඩායම බාරගත් දිනයේ පටන්, මාස 23 ක පමණ කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි/20 කි‍්‍රකට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ තබාගැනීමට ගුරුහරුකම් දුන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ තවත් දින 116 කින් ඇරඹෙන වි:20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙන බවයි. "අපි සුභවාදී බලාපොරොත්තු තියාගෙන ඉඳිමු. 

මගේ අපේක්‍ෂාව මේ කොල්ලන් ලෝක කුසලානය ඔසවාගෙන එන ආකාරය දෙස දුරින් සිට බලා ඉඳින්නයි" යයි තව නොබෝ දිනකින් ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත් යාමට සූදානමින් සිටින පුහුණුකරුවා පසුගියදා පල්ලෙකැළේදී පැවසීය. වසර දෙකක ගිවිසුම් කාලය ඉක්මයන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත්ව යාමට අදහස් කරන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා තවදුරටත් රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් මහත් පරිශ‍්‍රමයක යෙදුණ නමුත් ෆෝඞ් මහතාගේ තීරණය වූයේ තමන් ඉවත්ව යා යුතු බවයි. 
අවසානයේදී ඔහුගේ තීරණයට හිස නැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. ඉඳහිට තරගයක් හෝ දෙකක් පරාජය වූ නමුත් පසුගිය (2012) වසරේ සැප්තැම්බර් මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වාම යන්නට ශී‍්‍ර ලංකා පිලට පාර කියා දුන් ෆෝඞ් මහතා එතැන් සිටම තම කණ්ඩායමට අංක 1 ස්ථානයේ රැඳී සිටීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. 


එසේ වුවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි/20 තරග වලදී දක්වන සාර්ථකත්වය තමන්ගේ දස්කමක් ලෙස හුවා දැක්වීමටද ඔහු ඉදිරිපත් නොවේ. "කණ්ඩායම දියුණු වෙන්න හේතුව මමම නෙමෙයි. කණ්ඩායම තමයි දියුණු වුණේ.." යයි ෆෝඞ් මහතා පැවසීය. බංග්ලාදේශයේදී පැවැත්වෙන වි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලට තරග කිරීමට සිදුවන කී‍්‍රඩාංගණ සහ පාරිසරික තත්ත්වයන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වයන්ට සමාන විය හැකියයි අනුමාන කළ හැකි නමුත් ඒවා එසේම විය නොහැකි බවද ෆෝඞ් මහතා පවසයි. 

එබැවින් එවන් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වන පෙර සූදානම වඩාත් වැදගත් වන බවද ඔහු කියයි. "ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ විශාල වගකීම දරාගෙන, මේ කණ්ඩායම තනි ඒකකයක් වශයෙන් පුහුණු වුණා" "ඒක තනි ඒකකයන් වුණේ මා නිසා නෙමෙයි. සමස්ත පුහුණු මණ්ඩලයත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයනුත් නිසායි.... 

එතැනදී වෙන්නේ එකිනෙකා පිළිබඳ විශ්වාසයෙන් යුතුව, තම තමන්ගේ අදහස් වගේම දැනුම බෙදාහදා ගන්න එකයි" ෆෝඞ් මහතා පැවසීය. "මේ දැනුම බෙදාහදා ගැනීම තරගයකදී උපරිම දස්කම් දක්වන්න හරිම වැදගත්" "කී‍්‍රඩකයන් එකිනෙකා සමග සුහදව, ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන වාතාවරණයක් තියෙනවා. ඔවුන් සියලූ දෙනාටම කියන්න යමක් තියෙනවා වගේම ඔවුන්ගේ මතයට හඬකුත් ඊට නිසි පිළිගැනීමකුත් තියෙනවා" යනුවෙන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ කණ්ඩායම් රැස්වීමකදී කී‍්‍රඩකයන් සෑම දෙනාගේම දායකත්වය ඊට ලැබෙන බවයි. 

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය කරා යාමේදී තම තමන්ට සුවිශේෂී වූ වගකීම් සම්භාරයක් ඇති වග වටහා ගනිමින් කී‍්‍රඩකයෝ කටයුතු කරති. ඒ සෑම අවස්ථාවකදීම තමන් 'වැදගත් පුද්ගලයෙක්ය' යන හැගීම නිසා උපරිම ආකාරයෙන් ඊට දායක වීමට කී‍්‍රඩකයෝද උත්සාහ කරති. "මීලග වි:20 ලෝක කුසලාන තරගාවලිය ගැන බලනකොට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා" ග‍්‍රැහැම් ෆෝඞ් මහතා කියයි. "ඔවුන් මාස කිහිපයක් තිස්සේම විස්සයි20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත් හොඳ දස්කම් පෙන්වමින් සිටිනවා. 

2014 ලෝක කුසලාන තරගාවලියේ ඉතාමත් වාසිදායක කොටසකට ඇතුළත් වී සිටිනවා විතරක් නොවෙයි එහි තිබෙන කී‍්‍රඩාංගණ සහ පාරිසරික තත්ත්වයන් පවා අපගේ කී‍්‍රඩා රටාවන්ටත් හොඳින්ම ගැලපෙනවා" යයි ෆෝඞ් මහතා විස්තර කරයි. "මෙතැන තියෙන විශාලම වාසිදායක තත්ත්වය තමයි ලෝක කුසලාන තරගාවලිය අත පොවන මායිමේ තියෙද්දී, අපට බංග්ලාදේශයේදී කි‍්‍රකට් (ටෙස්ට්/එක්දින/වි:20) තරගාවලියක් තියෙන එක" "අපි සුභවාදී බලාපොරොත්තු තියාගෙන ඉඳිමු. මගේ අපේක්‍ෂාව ෙමේ කොල්ලන් ලෝක කුසලානය ඔසවාගෙන එන ආකාරය දෙස තරමක් දුරින් ඉඳගෙන බලා ඉඳින්නයි" යයිද හෙතෙම පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට පෙර (අද සිට දින 115 ක කාලයක් තුළ) ශී‍්‍ර ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඉතිරිව ඇත්තේ වි:20 තරග 5 ක් පමණි. තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීම සහ නොදීම පිළිබඳව විවිධ මතිමතාන්තර තිබෙන නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව කටයුතු කරන්නේද කිසියම් අරමුණක් සහ ඉලක්කයක් ඇතිවය. "නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන වි:20 තරග දෙක සඳහා දග පන්දු යවන්නන් තෝරාගෙන තියෙන්නේ බංග්ලාදේශයේදී ඇතිවිය හැකි තත්ත්වයන්ටත් මුහුණ දෙන්න හිතාගෙනයි. ඒ නිසා දග පන්දු යවන්නන් සූදානම් කිරීම වැදගත් වෙනවා" "අපේ දග පන්දු යවන්නන් එකිනෙකාට වෙනස්. ඔවුන් එකිනෙකා කරන්නේ වෙනස්ම දේවල්. 

ඇරත් මේ තෝරා ගෙන තියෙන අයගෙන් දෙන්නෙක් දග පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ද වෙනවා" යයි ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ නවසීලන්ත පිලට එරෙහිව පැවැති වි:20 තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කී‍්‍රඩකයන් ගැනය. "වි:20 කී‍්‍රඩාවේදි තුන් ඉරියව් කී‍්‍රඩකයන් සිටීමත් ඉතා වැදගත්" "අපට වේගයෙන් පන්දු යැවිය හැකි තුන් ඉරියව් කී‍්‍රඩකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. 

ඒත් වැඩිදුර හිතා බලද්දී කී‍්‍රඩාංගණ තත්ත්වයන් වඩාත් සුදුසු විය හැක්කේ වේගයෙන් පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ට වඩා දග පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ටයි" "කොහොම වුණත්, ඉතාම පැහැදිළි වශයෙන් පෙනෙන්නට තියෙන්නේ, මේ විස්සයි/20 තරග දෙකේදී අපට ඉන්න දග පන්දු යවන්නන් සේරමලා ලෝක කුසලාන තරගාවලියට යන එකක් නැති බවයි. 

තේරීම් කමිටු නිලධාරීන් දැන් උත්සාහ කරමින් ඉන්නේ ඔවුන් ගැන කිසියම් අදහසක් ලබාගැනීමටයි" යයි ෆෝඞ් මහතා තම අදහස විග‍්‍රහ කළේය. තිලකරත්න ඩිල්ෂාන් විසින් නිර්මාණය කරන ලද 'ඩිල් ස්කූප්' පහර මෙන් නොදුටු විරූ පහර නොවන නමුත් කි‍්‍රකට් පොතේ ඇති සම්මත පහර වන 'පුල්', 'ස්වීප්' සහ 'ෆිලික්' පහර යම් තරමකට වෙනස් කරමින් රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී සාර්ථකව ලකුණු ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් විය. අනතුරුව පල්ලෙකැළේදී පැවැති පුහුණුවීම් වලදී 'ලෝන්ග් ඕෆ්' සහ ලෝන්ග් ඕන්' කලාපයන්ට ඉහළන් යැවෙන ඩ‍්‍රයිව් පහර පිළිබඳව කුමාර් සංගක්කාර වැඩි වැඩියෙන් උනන්දු වෙනු දක්නට ලැබිණ. 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ග‍්‍රැහැම් ෆෝඞ් මහතා දැරුවේ මෙවන් අදහසකි. "කී‍්‍රඩකයන් කි‍්‍රකට් පොතේ තියෙන පහර අවස්ථානුකූලව හැසිරවීම මා නිසා පමණක් වූ දෙයක් නොවෙයි. එය පුහුණුකරුවන් සියලූ දෙනාගේත් සහයෝගය මත වෙන දෙයක්" "ඒත් ඒ වගේ පහර නිර්මාණය කිරීමට හා ඒවා නිදහසේ ගැසීමට කී‍්‍රඩකයන්ට සෑහෙන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. 

මේ සම්බන්ධයෙන් තියෙන හොඳම උදාහරණය තමයි ඩිල්ෂාන්" "අප කණ්ඩායමක් හැටියට කටයුතු කරගෙන යාමේදී අපට පෙනී ගිය දෙයක් තමයි කිසිවකු බලාපොරොත්තු නොවන ප‍්‍රදේශයකට පන්දුව යවන්න වැඩි පිතිකරුවන් පිරිසක් සමත් වෙනවා නම් ඒකෙන් අප වඩාත් බලසම්පන්න කණ්ඩායමක් බවට පත්වෙන බව.....ඒත් ඔබට ඉන්නේ ඒ හැකියාවෙන් යුතු එක්කෙනෙක් හෝ දෙන්නෙක් නම් ඔවුන්ගේ වාසනාව මත සියල්ල රඳා පවතිනවා. ඔවුන් දැවී ගිය පසුව සියල්ල අවසානයි" යයිද ෆෝඞ් මහතා පැවසීය. මෙම තත්ත්වය මත අවස්ථාව ලැබුණ වහාම තමන්ගේ පහර අවස්ථානුකූලව සකස් කරගෙන ලකුණු ලබාගැනීමට උනන්දු වන ලෙසද කී‍්‍රඩකයන්ට උපදෙස් දී තිබේ.

"කවදාවත් නොගහපු පහරක් එකපාරටම ගැසීමට යාමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවා සාර්ථක වන්නේ පුහුණුවීම මතයි. කරන්න පුළුවන් දේ මොකක්ද බැරි දේ මොකක්ද කියලා ඒ පුහුණුවීම් වලින් හොයාගන්න පුළුවන්" යයිද ෆෝඞ් මහතා පැවසීය. එකිනෙකට වෙනස් ආකාරයේ තරග වුවද මූලධර්ම වශයෙන් ගත් කළ විස්සයි/20 කි‍්‍රකට් සහ ඕවර 50 සීමිත ඕවර කි‍්‍රකට් තරග අතර සෑහෙන සමානකම් තිබේ. " ඕවර 50 තරගයක මැද කොටස තරමක් දුරට වෙනස්. 

ඒත් දැන් ඕවර 50 කී‍්‍රඩාවේදී කී‍්‍රඩකයන් ස්ථානගත කිරීම අනුව ඒ තත්ත්වයත් තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්" "ඒ කොහොම වුණත් මේ තරග සඳහා අධික ශක්තියක් වගේම විශිෂ්ට ගනයේ පන්දු රැකීමක් ඉතාමත් අවශ්‍යයි. කඩුලූ අතර දිවයාමත් ඉනිම අවසානයේදී පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නන්ට තිබිය යුතු හැකියාවත් ඒ වගේම වැදගත්" "මෙන්න මේ වෙලාවෙදි තමයි තම තමන්ගේ පහර ප‍්‍රතිනිර්මාණය කරගනිමින් ලකුණු ලබාගැනීමට පිතිකරුවන්ට තියෙන හැකියාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි වන්නේ" යයිද ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය. 

2007, 2009, 2011 සහ 2012 යන වසර වලදී පිට පිටම ලෝක කුසලාන තරගාවලි හතරක අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම් වල සිටි තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග කණ්ඩායමට අවශ්‍ය පළපුරුද්ද මෙන්ම අත්දැකීම් සම්භාරයක්ද දෝත දරා සිටිති. ඔවුන් පසුපස යන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර සහ රංගන හේරත් ඉකුත් තරගාවලිවලදී සිදුවූ දේත් දනිති. 

මෙම කී‍්‍රඩකයන් අතරට එක්වීමට කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් සීකුගේ ප‍්‍රසන්න සහ සචිත‍්‍ර සේනානායක වැනි කී‍්‍රඩකයන්ට හැකි වුවහොත් අත්දැකීම්, පළපුරුද්ද, වැටහීම, හැකියාව සහ තරුණ ජවය යන මේ සියල්ලෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්මිශ‍්‍රණය වනු ඇත. ග‍්‍රැහැම් ෆෝඞ් මහතා අදහස් කරන්නේ එවන් කණ්ඩායමකට 2014 වි:20 ලෝක කුසලාන තරගාවලියේදී හොඳ අවස්ථාවක් ඇති බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment