ශී‍්‍ර ලංකාව විස්සයි - 20 අංක එක රැකගනියි

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් විස්සයි - 20 කි‍්‍රකට් තරගයෙන් නවසීලන්තය පරදවා කඩුලූ 8 ක අනගි ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. 

කුසල් ජනිත් පෙරේරා (57) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 59) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැති තරගයේ ජයග්‍රහණය ශ්‍රි ලංකාවට පහසු විය. ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම, පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලූ 2 ක් දැවී ලකුණු 143 ක් ලබා ගනිමින් පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් හි අංක එක ස්ථානයේ තවදුරටත් රැදීමට මග පාදාගත්තේය. 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ලූක් රොන්චි නොදැවී ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි - 20 ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් රමිත් රඹුක්වැල්ල එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද මෙම තරඟයේ දී ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම නියෝජනය කිරීමට මුල් වරට අවස්තාව ලද්දේය.

රමිත් රඹුක්වැල්ල පසුගිය කාලයේ පුවත් මැවුවේ අඩි 35000ක් ඉහල අහසේදී ගුවන් යානයක කල කලබලයක් හේතුවෙනි. ඇතැමුන් චෝදනා කලේ පියාගේ දේශපාලන බලය මතින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට බවකි. ඒ සියළු තැන්හිදී නිහඬව සිටි රමිත් සිය පළමු 20-20 තරඟයෙන්ම තමන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව ගත් තීරණය නිවැරදි බව කිව හැකි අන්දමේ යමක් කර ඇත.

 තුන් ඉරියවු ක‍්‍රීඩකයෙකු වූ ඔහුට පන්දු යැවීමට පමණක් ඉඩ ලැබුනද ශ‍්‍රී ලංකා සුපිරි පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් අතින් සැලකිය යුතු ප‍්‍රහාරයකට ලක් වෙද්දී රමිත් සිය පන්දු ඕවර හතර නිමා කලේ නවසීලන්න ප‍්‍රබල මැද පෙල පිතිකරුවෙකද දවා ගනිමින් ලකුණු 19ක් පමණක් ලබා දෙමිනි. එය වරක් 20-20 ලෝක ශූරතාවය පවා දිනූ නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දුකරණයකි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයට එය තීරණාත්මක නොවූයේ යයි කිසිවෙකුට කිව නොහැකිය. පළමු තරගයෙන්ම රමිත් රඹුක්වැල්ල තමන් වැඩකාරයෙක් බව පෙන්වූයේය. කෙසේ වෙතත් ඔහු සුපිරි ක‍්‍රීඩකයෙකු යයි කීමට වේලාසන වැඩිය. එය තීරණය කරනු ඇත්තේ කාලයයි. රමිත්ටද යමක් කල හැකි බව පමණක් සිතීම දැනට සාධාරණය.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment