පුදකුඩඉරිප්පු-මුහුදුබඩපත්තු ඡන්දයේ ගැසට් නිවේදනය අදයි

මුලතිව් දිස්ත්‍රීක්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදු බඩ පත්වු ප්‍රාදේශීය සභා වලට අදාළ ඡන්ද විමසීම පිළිබඳව ගැසට් පත්‍රය අද දිනයේදී නිකුත් කිරිමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙම මස 28 වනදා අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.


2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මෙම ප්‍රාදේශිය සභාවල ඡන්ද විමසීම පැවැත්වුනේ නැත.


ඒ වනවිට එම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ නැවත පදිංචි කිරිමේ කටයුතු සිදුකර නොතිබීම මෙයට හේතු විය.


කෙසේ වෙතත් එම වසරේම මැතිවරණය පැවැත්වීමට යළිත් වරක් සැලසුම් කළ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එවරද මැතිවරණය කල් දැමීමට මැතිවරණ බලධාරීන් පියවර ගනු ලැබිණි.


මේ වනවිට මෙම ප්‍රාදේශීය සභා දෙකෙහි නාම යෝජනා කැඳවීම සහ තැපැල් ඡන්දය පවත්වා අවසන් කර තිබේ.



Post a Comment