උඩරට දුම්රිය මාර්ගයේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි සිංගිමලේ උමං මාර්ගය පිහිටි රක්ෂිතයේ කඳු මුදුනේ අද (21) දහවල් 11.30 ට පමණ ගින්නක් හටගෙන තිබේ.
ප‍්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණයත් දැඩිසුළං තත්ත්වයත් හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිරයමින් පවති.
රක්ෂිතයේ මුදුනට දරකැඩීමට ගිය කිසියම් පිරිසක් මෙම ගින්න සිදුකරන්නට ඇති බව පොලීසිය සැක කරයි.
කඳුමුදුනේ සිට පහලට ගලා බසින ජල මූලාශ‍්‍ර ගණනාවක් තිබෙන අතර එම ජල මූලාශ‍්‍ර හරස් කර එම රක්ෂිතය පාමුලේ විශාල වැවක් ඉදිකර හැටන් නගරයට පානීය ජලය ලබාගන්නේද මෙම වැවෙනි.
සීඝ‍්‍රයෙන් පැතිරයන මෙම ගින්න මැඩ පැවැත්වීමට හැටන් පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ හැටන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්වී සිටිති.
ඡායා රූ - රංජිත් රාජපක්ෂ

Post a Comment