අගවිනිසුරු අස්වෙන කතාව බොරු - අගවිනිසුරු ප්‍රකාශක

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවට පැතිර යන ආරංචි මාර්ග සම්පුර්ණයෙන් අසත්‍යය බව අගවිනිසුරු ප්‍රකාශක නීතීඥ විජේරත්න කොඩිප්පිලි මහතා පවසයි.

ඊයේ දිනයේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇති බවයි.


අගවිනිසුරුවරයා ධූරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇතැයි ඔහු විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී ඇති බව රාජිත සේනාරත්න මහතා පැවසීය.



Post a Comment