උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව කොළඹ දී පවත්වා ඇති අතර පැය 02ට අධික කාලයක් සාකච්ජාව පැවති බව සඳහන්ය.
මෙහිදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වු බව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ද්‍රවිඩ ජාතික සන්ධානය ලෙස ජනාධිපතිවරණයකදී ගන්නා තීරණ පිළිබඳ මේ වන තෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව විග්නේෂ්වරන් මහතා මෙහිදි ප්‍රකාශ කළ බව ද මනෝගනේෂන් මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී උතුරේ මහ ඇමතිවරයා ලෙස තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව රටේ නායකත්වය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත්, සී. වී.විග්නේෂ්වරම් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
Post a Comment