ජයලලිතා ලෝක නායකයන්ට නිගාදෙන හැටි - Jayalalithaa showing world leaders bowing before her

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයලලිතා ඉදිරියේ දණ නමා වඳින ආකාරයෙන් හා ඔබාමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් ඇයට හිස නමා ආචාර කරන ආකාරයේන් සකසන ලද පුවරුවක්ද සහිතව, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ 66 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොයිම්බටෝර්හි ප්‍රදර්ශනය කෙරෙන දැවැන්ත ප්‍රචාරක පුවරු පෙළක් නැරඹීම සඳහා ඇගේ ආධාරකරුවන් නගරය කරා ඇදෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
 එමෙන්ම, මෙම ප්‍රචාරක පුවරුවල ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා හා හිටපු ජනපති ජෝර්ඩ් ඩබ්. බුෂ් මෙන්ම, චීන සහ ජපාන රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකු අතරින් රතු පලස ඔස්සේ ජයලලිතා පියනගන ආකාරයද දැක්වෙයි. ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, ව්ලැඩිමීර් පූටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඇතුළු නායකයන් ජයලලිතා පිළිගැනීමට අත්පොලසන් දෙන ආකාරය දැක්වෙන ප්‍රචාරක පුවරුවක්ද වෙයි. 

ජයලලිතාගේ 66 වැනි උපන් දිනය වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ හැඩයෙන් විශාල කේක් ගෙඩියක් නිමවා ඇති බවත්, රුක් රෝපණය කිරීම්, කලා ප්‍රදර්ශන සහ ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

 ඇතැම් විට ඉන්දීය පාර්ලිමේන්තුව සිය පාලනයට නතු කරගත්තේ යැයි, තම උපන්දින කේක් ගෙඩිය පාර්ලිමේන්තුවේ හැඩයෙන් නිර්මාණය කිරීම තුළින් ජයලලිතා ප්‍රදර්ශනය කිරීමට සැරසෙනවා විය හැකිය. 



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment