යතුරුපැදියෙ සාරිය පැටලී වැටී ටිපර් එකට බිලි - Video: A teacher dies after run over by a tipper

පාසලට යන බස් රථයට යැම සඳහා සිය සැමියා සමග යතුරු පැදියෙන් යමින් සිටි පාසල් ගුරුවරියකගේ සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ පැටලීමෙන් ඇය මහ මගට ඇදවැටී පිටුපස පැමිණෙමින් තිබූ ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි ගොකරැුල්ල පොලිසිය පවසයි.

ඉබ්බාගමුව යකල්ල මංසන්ධියේදී ඊයේ (21 දා* උදෑසන 6.10 ට මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ ඉබ්බාගමුව දැදුරුඔය පදිංචි මාතලේ සහිරා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන පුන්‍යා චතුරානි හිඳගොල්ල (28* නමැති එක්දරු මවකි. මියගිය පාසල් ගුරුවරියගේ හදිසි මරණ පරීක්ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්ෂක ඞී. එම්. එස්.කේ. දහනක මහතාගේ මූලිකත්වයෙන් ගොකරැුල්ල දිසා රෝහලේදී පැවැත්විණි.

අනතුර සිදු කළ ටිපර් රථ රියෑදුරු රථය නොනවත්තාම ධාවනය කොට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ගොකරැුල්ල පොලිසියෙන් අරඹා ඇත.

මියගිය ගුරුවරිය මාතලේ සහිරා විදුහලේ ඉංග‍්‍රීසි ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර මෙදින පාසලට යැමට බස් රථය මගහැරීවි යයි කියා සැමියා සමග ඉක්මනින් යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

A 28-year old female teacher died when a tipper ran over her near Yakkalla Junction in Gokarella this morning.The victim was riding pillion with her husband from Bakmeegolla to go to her school Sahira Vidyalaya in Matale at the time of the accident.

Gokarella police said that the teacher was fallen off after her saree entangled in the bicycle wheel.In a sudden, a tipper which had been speeding after the bicycle ran over the fallen victim.Gokarella police have already initiated investigations to arrest the tipper driver as he has run away after the accident.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment