ඉතාලියේ කොල්ලකෑම් කරන ලංකාවේ ගැන් එක මාට්ටු - Lankan Robber gang arrested in Italy

ශ්‍රී ලංකාවෙන් ඉතාලියට සංක්‍රමණය වී මැර ක්‍රියාවල යෙදුනු ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලියේ මෙස්සිනා නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මුල් කොටගෙන කණ්ඩායම් කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් නිසා මෙම පිරිස අත් අඩංගුවට පත්ව තිබේ.

2011 වසරේ සිට පැවති මෙම ආරවුල ගැන අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර පහරදීම, බියවැද්දීම, මංකොල්ලකෑම වැනි කි්‍රයා මොවුන් විසින් මෙම කාල සීමාව තුලදී සිදුකර තිබේ.පෞද්ගලික ආරවුලකින් ආරම්භ වූ මැර ක්‍රියාවලින් පසුව මෙම කණ්ඩායම මෙස්සිනා නගරයම භීතියට පත්කරවන මැර කණ්ඩායමක් බවට වර්ධනය වී ඇත.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ රත්තරන් මාල, මුදල්, ලියකියවිලි, පැහැරගැනීම, පහරදීම, තර්ජනය කිරිම් දිගින් දිගටම සිදුව ඇති අතර කිහිප අවස්ථාවකදි පොලිසිය මැදිහත්ව පාලනය කර ඇති නමුත් ආරවුල දිගින් දිගටම පැවති ඇත

මෙම ආරවුල නිසා මීට පෙර අවස්ථාවකදී සමරතුංග ආරච්චිගේ චමින්ද බණ්ඩාර සහ වර්ණකුලසූරිය පලකුට්ටිගේ පෝල් ප්‍රනාන්දු යන දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය මැයි 21 වන දින මෙම කණ්ඩායමේ කිහිපදෙනෙකු විසින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පුද්ගලයෙකු පැහැරගෙන මන්සෝනි මාවතේ පිහිටි නිවසකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඇති අතර පොලිසිය මැදිහත් වී පහරකෑමට ලක්වූ පුද්ගලයා බේරා ගෙන ඇත. පුද්ගලයකු පැහැරගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිරිසට පසුගිය දෙසැම්බර් මස 20 වන දින අධිකරණය මගින් දඬුවම් ලබා ඇත.

එහෙත් මෙම ආරවුල දිගින් දිගටම පැවති අතර මේ වන විට අට දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 28 සිට අවුරුදු 45 දක්වා වසය් කාණ්ඩයට අයත් මෙම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ වර්ණකුලසූරිය ප්‍රනාන්දු නලීන් ප්‍රසන්න යන පුද්ගලයා විසින් බව පොලිසිය පවසයි.

මෙම කණ්ඩායමේ සියලූ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මොවුන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ඉතාලි පොලිසිය විසින් පවසයි.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් අටදෙනා මෙසේය

වර්ණකුලසූරිය ප්‍රනාන්දු නලීන් ප්‍රසන්න (1974.04.27)
වර්ණකුලසූරිය ප්‍රනාන්දු නාලක සංජීව (1977.12.07)
වර්ණකුලසූරිය දමිත අසංක තමෙල් (1983.06.12)
වර්ණකුලසූරිය සුදත් ජයන්ත (1981.05.30)
වර්ණකුලසූරිය රෝයි මැල්කම් (1968.11.20)
පෝරුතොටගේ ප්‍රනාන්දු මොරිස් ප්‍රසන්න (1981.11.14)
හෙට්ටිආරච්චිගේ රන්දීප සුදීම (1983.11.03)
කෝරල ගමගේ ගයාන් ධනුෂ්ක (1986.01.24)


The Italian police have arrested a Sri Lankan gang which had been involved in several criminal activities, the Italian media reported today.According to reports, eleven Sri Lankans were arrested in Messina, an Italian city, following a special police operation.Italian media reports said that the operation titled "Katana" was launched to crackdown on the gang which had created terror in the area
The Sri Lankans have been accused of being involved in robberies, extortion, threats, injuries, and domestic violence.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment