වෙනුෂාට බැන වැදුණු කුරුණෑගල විදුහල්පති අත්අඩංගුවට - Kotalawala principal arrested by NCPA

"කෲරත්වයට වරදකරු වුවොත් අවුරුදු 10 ක් හිරේ"
කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ සාමාන්‍ය පෙළ සිසුවිය වෙනූෂා ඉමන්දි බණ්ඩාරගේ සියදිවිනසාගැනීමේ සිද්ධියට දෝෂදර්ශනයට ලක්වූ එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ සවස ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පවුලේ අභ්‍යන්තර ගැටලූ නිසා මානසික ප්‍රශ්න මත සිසුවියගේ දිවිනසාගැනීම සිදුවන්නට ඇති බවටත් එයට සෘජුව තමන් කළ සැරවැර හේතු නොවුණ බවටත් ඩබ්.එම් සමන් ඉන්ද්‍රරත්න නමැති මෙම විදුහල්පතිවරයා විසින් සිද්ධිය සිදුවූ විගස මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඔහුගේ ප්‍රකාශ සනාථ කරවන්නට මනෝ විද්‍යා උපදේශිකාවකද මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණ අතර විදුහල්පතිවරයා අසභ්‍ය වචන කියූ බවක් තමා නොදන්නා බවද එම උපදේශිකාවඒ දිනවල බීබීසිය ආදී විදෙස් මාධ්‍ය වෙත කියා තිබුණා.

නමුත් පසුව දැනගන්නට ලැබුනේ මානසික උපදේශනයට යොමුකර තිබුණ බවට විදුහල්පතිවරයාම කරුණු දක්වන මියගිය වෙනූෂාව විදුහල්පතිවරයා විසින් එම පිළියමට නොගැළපෙන ලෙස අවස්ථා දෙකකදී දැඩි ලෙස අවමානයට පත් කර ඇති බවකි. එකක් සිදුව තිබුනේ විදුහලේ උදෑසන ප්‍රසිද්ධ රැස්වීමේදීය. ඇය කොල්ලෙකු සමග ෆිල්ම් එකක් බැලු බවට චෝදනා කර ප්‍රසිද්ධ රැස්වීමේ වේදිකාවට කැඳවීමට කටයුතු කළ විදුහල්පතිවරයා එවැනි දේවල් කර නැවත හසු නොවන ලෙස ඇය අවමානයට පත්කර බැණවැදී තිබුනේ පාසලේ ගුරුභවතුන් සිසුදරුවන් විශාල පිරිසක් ඉදිරිපිටය.

මියගිය වෙනුෂාගේ අවසන් ලියමන අනුව එම බැණ වැදීම සිදු කර තිබුනේ වැරදි අවබෝධයක් හේතුවෙන් බවත් එම චිත්‍රපට බැලීමේ කටයුත්තට ඇය නංගීවද රැගෙන ගිය බවත් ඇයට එහිදී සාධාරණයක් නොවූ බවත් කරුණු දක්වා තිබුණා.

සිත් ඇදගන්නා රූ සපුවකින්ද නර්තන දක්ෂතාද නිසා පාසලේ කැපී පෙනෙන සිසුවියක බවට පත්ව සිටි වෙනූෂා මේ කියන පළමු සිද්ධියෙන් ලජ්ජාවට පත්ව සිත් කම්පා කරගෙන සිටින අතර දෙවන සිද්ධිය වූ ෆේස් බුක් ෆොටෝ ගැටලූව පැන නැගී ඇත.

තාක්ෂණය ගැන අලූතින් හදාරන්නට උනන්දු වයසක නොවන විදුහල්පතිවරයා කාගේදෝ කේලමකට වෙනුෂාගේ පෙම්වතාගේත් ඇයගේත් ප්‍රේමාන්විත ඡායාරූප සමග තමාගේත් විදුහලේත් ඡායාරූප ෆේස්බුක්හි තිඛෙනු දැක පරල වූයේ දෙවන අවස්ථාවටයි. ඔහු වෙනුෂා ගැන ඇතිකරගෙන තිබුණ වැරදි ආකල්පය වූයේ චිත්‍රපට බලන්නට කොල්ලො එක්ක රවුම් ගහන්නට යන සංකර ගතිපැවතුම් ඇති වේ... යන ලෙසයි.

ඔහුගේ මනෝ විද්‍යා උපදේශන කථාව එතැනට අදාළ වූයේ නැත ඔහු විදුහල්පති කාමරයේදී විනයභාර ගුරුභවතා සහ තවත් ගුරුවරයෙකු ඉදිරියේ වෙනූෂාගේ ආත්මයට නිග්‍රහ කොට ඇගේ ආයාචනයන්ට ඇහුම්කන් නොදී ඇයට පිහිටක් නැති අසරණියක කර ගෙදර පිටත් කළේ පහුවදාට දෙමාපියො එක්ක එන ලෙස දන්වමිනි.
අධික සිත්තැවුලටත් පීඩනයටත් ලක්ව ඉන්මිදීමට දිවි තොර කරගෙන පලිගැනීමේ චේතනාව ඇති කරගත් වෙනූෂා පහුවදා කියන දවසේදී සිදු කළේ සිද්ධිය ගැන පියාට ලිපියකින් දන්වා සාරියකින් ගෙළ වැලලාගෙන මිය යාමයි.
ඇගේ අත්අකුරු සහිත අවසන් ලියුම මාධ්‍යයේ ප්‍රචාරයවීම නිසා විදුහල්පතිගේ කෙරුවාව ගැන සමාජයේ කතාබහක් මතුවුණ අතර සැරපරුෂ ගතිපැවතුම් ඇති බව කියන ශිෂ්‍ය භටයින් පුහුණු කරවන ගුරුවරයෙකුද වූ හමුදා පුහුණුව ලද විදුහල්පතිවරයා එතැනදී හිරවුණේය.
විදුහල්පතිට එරෙහිව වෙනුෂාගේ දෙමාපියන් හා සිසු දරුවන් පාරට බැස්සේ මින් අනතුරුවය. නමුත් මෙම සිද්ධියෙදී කැලණි බලවතාගේ දේශපාලන නාටකයක් සිහිගන්වමින් විදුහල්පතිවරයා හොඳය කියන පිරිසක්ද ඒ සමගම පාරට බැස තිබුණි.ඔවුන් විදුහලේ ආදි සිසුන් හා දෙමාපියන් බව කියූ අතර ඔවුන්ගේ උද්ඝෝෂණය වෙනූෂාගේ පිරිසගේ උද්ඝෝෂණයට වඩා වියදම් කර සිදු කර තිබුණි. ඩිජිටල් පෝස්ටර පවා මුද්‍රණය කර විදුහලේ තාප්පය අසළ අපේ විදුහල්පති රැකගනිමු යනුවෙන් සටහන් කර තිබුණි.
ඒ අතරතුර ෆේස් බුක් ඔස්සේ විදුහල්පතිට කඩේ යන අලූත් පිටුද නිර්මාණය වී තිබුණි.ආරංචියේ හැටියට මේ විදුහල්පතිකම දේශපාලන පත්වීමකි. වසර 40 ක ඉතිහාසයක් ඇති සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ මේ විදුහල්පතිවරයා දැන් අවුරුදු 3 ක පමණ කාලයක් විදුහල්පති ලෙස වැඩ කරන අයෙකි.
1974දී මුලින්ම බණ්ඩාරනායක විදුහල ලෙස ඇරඹි මෙම විදුහල පසුව 1977දී ජනාධිපති විදුහල වුණ අතර 1986දී සර් ජෝන් කොතලාවල විදුහල වුණි. දේශපාලන වෙනස්කම් සැඩ සුළ`ගට විදුහල්පතිකම පමණක් නොව විදුහලේ නමද වරින්වර වෙනස්වූ විදුහලකි.

පසුගිය සතියේ වෙනූෂාගේ දෙමාපිය උපවාසය නතර කරමින් මහ ඇමති දයාසිරි පොරොන්දුවක් වූයේ මේ සිද්ධියට සාධාරණයක් කරන බවත් දින තුනක් ඇතුළත වාර්තාවක් කැඳවා ඇති බවත්ය. නමුත් ඒ අතරවාරයේ දයාසිරි රැස්වීම් වලදී දෙපැත්තටම කතා කළේය.ජනපතිවරයාද ඊයේ පෙරේදා දෙපැත්තටම කතා කළේය. විදුහල්පතිවරයා අස්කරන බවක් කිසිවෙකු සෘජුව කිව්වේ නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය ඊයේ සවස විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නේ මෙම පසුබිමේය.එහි සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මේ ගැන කියා සිටියේ, ඔය පාසල සහ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මෙම සිද්ධියට පෙරත් අපිට දිගින් දිගටම පැමිණිලි රාශියක් ලැබිලා තිඛෙනවා. පාසල් පද්ධතියේ ප්‍රශ්නවලට අපි එකවරම ඇගිලි ගහන එක හොඳ නැති නිසා ඒ ගැන යම් පියවරක් ගැනීම වයඹ පළාත් අධ්‍යාපනඅධ්‍යක්ෂට පැවැරුවා. මෙතෙක් ඒ ගැන කිසිවක් ඔහු කරලා නැහැ. දැන් ළමයෙකුත් මිය ගිහින් තියෙනවා. අපි තවත් බලා හිටියොත් තව මොනවායින් මොනවා වේවිද දන්නේ නැහැ.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 අ" වගන්ති ප්‍රකාරවළමුන් කෘෘරත්වයට පත්කිරීමට මානසික ව්‍යාකූලත්වයටද අයත් බව සඳහන්ව ඇති බැවින් හා 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයෙන් මානසික හානි අපරාධ නීතියට ඇතුළත් කර තිඛෙන බැවින් විදුහල්පතිවරයා ඉතා පහත් වචනවලින් සිසුවියට බැණ වැදීම කෘෘරත්වයට පත්කිරීමක් සේ සලකා නීතිමය කටයුතු කළ හැකි බව ඔවුන් විශ්වාස කරනවා.

මේ වන විට සිසුවිය ජීවතුන් අතර නොමැති බැවින් ඇය මිය යන්නට පෙර ඇගේ අත් අකුරින්ම ලියන ලද ලිපියෙහි ඇය සියදිවි හානිකර ගැනීමට මුල් වූ කාරණාව විදුහල්පතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම බව පැහැදිලිවම සටහන් කර තිඛෙන බැවින් එය ඇගේ මරණාසන්න ප්‍රකාශයක් සේ සලකා කටයුතු කළ හැකි බව ඒ අනුව කියා තිඛෙනවා.අත්අඩංගුවට පත් විදුහල්පතිවරයා ළමා ආරක්ෂණ නිලධාරීන් විසින් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා පොලිසියට භාරදීමට නියමිතව තිඛෙනවා.නීතියට අනුව විදුහල්පතිවරයා ඉහත සඳහන් වරදට වරදකරු වුවහොත් උපරිම වසර 10ක් දක්වා බන්ධනාගාර ගත කළ හැකි බවද වාර්තා වනවා.


වෙනුෂා බැනුම් ඇසීමට හේතුවූ ජායාරූපය වෙනුශාව ටැග් කොට ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ ඇගේ පෙර පෙම්වතා වූ විරාජ් නලින්ද නම් තරුණයෙකි. ඔහු එක් කල ජායාරූපය පහත වේ.

වෙනුෂා ගේ සොයුරිය සමග සිට ඔහු ගත් ජයාරූප

ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව වෙනුෂා ජීවිතය කලකිරී සිටී අයුරු



The principal of Sir John Kotalawala College, Kurunegala was arrested this evening by the National Child Protection Authority (NCPA) for allegedly scolding a girl over a facebook photo that led to her suicide, police said.Police said he is still in the custody of the NCPA and yet to be handed over to the police.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment