මාළු ගන්න ඇග විකුණයි. - Fish for Sex

බටහිර කෙන්යාවේ, වික්ටෝරියා ජලාශය තුළ ධීවර බෝට්ටු එකිනෙක හැපෙමින් පොරකන්නේ අලූයම අල්ලාගත් තම මාළු ඵලදාව විකුණා ගැනීම සඳහා ඉඩක් සකසා ගැනීමටය.දැඩි හිරු රැස් මධ්‍යයේ ධීවරයන් තරගයට මෙන් කේවල් කරන්නේ මාළු මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටින මාළු වෙළෙන්ඳන්ය. ඔවුන් බහුතරය කාන්තාවන්ය. වෙළෙඳ පොළේදී ඉතා සුළු ලාභයක් සහිතව ධීවරයන්ගෙන් ලබාගත් මාළු ටික අලෙවි කරගැනීම මේ මාළු වෙළෙන්ඳියන්ගේ එකම බලාපොරොත්තුවය.

අප මේ කතා කරන්නේ කෙන්යාවේ අතිශය දුගී පළාතක් ගැනය. කෙසේ වෙතත් ධීවරයන් හා මාළු වෙළෙන්ඳියන් අතර සිදුවන මාළු ගනුදෙනුවේ මූල්‍යමය හුවමාරුවක් සිදුවන්නේ නම් ඒ ඉතා කලාතුරකින් බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ මාළු ගනුදෙනුවේ මුදල සෙක්ස් ය. එනම්, ඔවුන් ධීවරයන්ගෙන් මාළු ලබාගැනීමේදී වැඩි වාසියක් ගැනීමට විකුණන්නේ තම පතිවතය.

කතා ව්‍යවහාරයේදී මේ මාළු වෙළෙඳාම හැඳින්වෙන්නෙ මාළුවලට සෙක්ස් (sex for fish) හෙවත්, ඔවුන්ගේ ප‍්‍රාදේශීය භාෂාව වන ලූ ඕ භාෂාවෙන් (ජබෝයා) යනුවෙන්ය.

මාළු වෙළෙන්ඳියක වන 35 හැවිරිදි ලූසී ඔඞ්හියම්බෝ වැන්ඳඹුවක්ය. ඇය දරුවන් පස් දෙනෙකුගේ මවක බව පැවසිය යුතුය. දිළිඳුව ඉපදීමේ පාපය නිසා ඇයත් මාළුවලට සේක්ස් ලබාදෙන කාන්තාවක් වන්නේ නිරායාසයෙන්මය.

මාළු වෙනුවෙන් මගේ ඇග ලබාදීමට මට සිදුවී තිබෙනවා. ඒ හැර විකල්පයක් මට නැහැ යනුවෙන් ඇය පවසන්නීය.

පුරුද්දක් ලෙස සතියකට ධීවරයන් දෙතුන් දෙනෙකු සමග නිදාගැනීමට මට සිදුවෙනවා. මේ නිසා මට ලෙඩරෝග ඇති වෙන්නත් පුළුවන්. ඒත් කෝ විකල්පයක්. මගේ දරුවන් පාසල් යවන්නේ කොහොමද? ජබෝයා (මාළුවලට සෙක්ස්) හොඳ දෙයක් නොවන බව මා දන්නවා.

මේ තත්ත්වය තුළ මේ පළාතේ කාන්තාවන් බහුල ලෙස ලිංගාශ‍්‍රිත රෝගාබාධයන්ට ලක්වීය. තත්ත්වය වඩාත් දරුණු වන්නේ එච්.අයි.වී. ආසාධිතයන් 15% ක් පමණ සිටින නිසාය. එය රටේ ප‍්‍රතිශතය මෙන් දෙගුණක්ය. මේ සියල්ලටම වගකිව යුත්තේ මාළුවලට සෙක්ස් ය.

කෙසේ වෙතත් එරට පුණ්‍ය ආයතනයක් කාන්තාවන් තවදුරටත් වදබන්ධනයට ලක් කරන මේ උදම්රළ ආපස්සට හැරවීමට සූදානම්ය. ඒ වෙනුවෙන් නැගී සිටින්නේ ඇග්නස් අවූමාය. ඇයද මේ පළාතේම ජීවත්වන කාන්තාවක්ය. වෙනස නම්, අද ඇයද ධීවර කාන්තාවක වී මාළු ඇල්ලීමට යන්නීය. අල්ලාගත් මාළු විකිණීම කරන්නේ ඇය නිසා, මාළු මිලදී ගැනීමට එන කාන්තාවන්ට තම ඇග විකිණීමට සිදු නොවීම, අද ඔවුන්ට මහත් වූ අස්වැසිල්ලක්ය. ඒ නිසා මාළු වෙළෙන්ඳියන්ට ඇයගෙන් ලබාගන්නා මාළු විකුණා, ඒවා මුදල් කර ඇයට නැවත ගෙවීමට අවස්ථාව ලැබිලාය. වික්ටෝරියා ජලාශයට එන බහුතර මාළු වෙළෙන්ඳියන්ගේ සැගවී ගිය සිනහව අද යළිත් සුපුෂ්පිතය
Kenya: Women aim to end 'rampant' sex-for-fish trade
Women in Kenya are trying to end the practice of female traders having sex with local fishermen in order to secure a regular supply of fish, it's been reported

Sex-for-fish, known locally as "jaboya", has been blamed for spreading HIV/Aids in western Kenya's Lake Victoria region, but women's groups have launched a campaign which aims to stamp it out, The Star newspaper reports.

A project launched by the Victoria Institute for Research and Environmental Development International gives women their own boats, allowing them to repay the cost of the craft through fishing. Dan Abuto, a field officer for the institute, says the repayment money will be pooled, allowing more boats to be built. "The project aims to address jaboya as a public health issue, lessen poverty and gender inequality while being both sustainable fiscally and environmentally," he told The Star.

Widows are said to be particularly at risk from sex-for-fish, especially if they have families to support.

Women's groups say the 80,000 shilling (£560, $920) boats will not only end the sex-for-fish practice - which they describe as "rampant" - but will also slow the transmission rates of HIV. One local official told The Star that "Jaboya is partly to blame for the HIV/AIDS prevalence. If this project succeeds, the spread of the disease will come down".

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment