කැරට්‌ කෑල්ල හිර වී කිරිකැටියා මියයයි

කැරට්‌ කෑල්ලක්‌ උගුරේ සිරවී මාස 8 ක්‌ වයසැති සිඟිත්තකු මිය ගිය පුවතක්‌ රංගල පොලිස්‌ බල ප්‍රදේශයේ පොද්දල්ගොඩ වෙළෙඳරාඹ ගමෙන් වාර්තා වෙයි.

මියගොස්‌ ඇත්තේ සඳුන් අංජන බණ්‌ඩාර නමැති සිඟිත්තෙකි. ඊයේ (21දා) පෙරවරු 6.35 ට පමණ මෙම සිද්ධිය වී ඇත. දරුවාගේ මව සුපුරුදු අයුරින් උදේට සකස්‌ කර දෙන එළවළු තම්බා සකස්‌ කරන ලද ආහාරයේ තිබුණු පොඩි නොවුණ කැරට්‌ කෑල්ල උගුරේ සිරවීම නිසා දැඩි අපහසුතාවට පත් වූ දරුවා තෙල්දෙණිය දිස්‌ත්‍රික්‌ මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනඑමින් තිබියදී ජීවිතක්‍ෂයට පත් විය.

මියගිය දරුවාගේ මව වන නිරෝෂා දමයන්ති (39) මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ කීවාය. " මම වෙනදා වගේ දරුවට එළවළු පොඩිකරලා

උදේට ආහාරයක්‌ දුන්නා. අනෙක්‌ දරුවෝ පාසලටත් පෙර පාසලටත් යවන්න සූදානම් කරමින් දරුවන්ගේ පියා හිටියේ. 

කෑමකමින් සිටි දරුවාට එක පාරටම හුස්‌ම ගන්ට බැරිව ගියා. ඇස්‌ උඩ ඉන්දගෙන බෙල්ල කඩා වැටුණා. මම කෑගහල දරුවගෙ අප්පච්චිට කතා කරල දරුවට සිදු වුණු දේ ගැන කිව්වා. හැකි ඉක්‌මනින් රෝහලට ගෙන ගියා. දරුවා නැතිවෙලා කියලා වෛද්‍යවරු පරීක්‍ෂා කර බලල කිව්වා."

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment