සම්බාහන මධ්‍යස්‌ථාන හා ගණිකා වෘත්තියේ නව මුහුණුවර

සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහකය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝමයක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය. පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයේ තවත් ප්‍රවණතාවයකි සම්බාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාරය. අද ලංකාවේ SPA නමින් හැඳින්වෙන්නේ එම "මසා- සෙන්ටර්" ය. ඒවා විවිධ ලේබල් යටතේ ආයුර්වේද පංචකර්ම සිදුකරන ස්‌ථාන ලෙසත්, සංචාරක සත්කාරක නිකේතන ලෙසත් හඳුන්වා ඇත. කොළඹ නගරයේ පමණක්‌ මෙවැනි ස්‌ථාන 100 ක්‌ පමණ ඇත. කැලණිය, වත්තල, මීගමුව, නුගේගොඩ, ගල්කිස්‌ස, දෙහිවල, පානදුර, කළුතර, මහරගම, හික්‌කඩුව ආදී ප්‍රදේශ පුරාම මෙම SPA ස්‌ථාන දැකිය හැකිය. 

කුරුණෑගල, නුවර වැනි රට අභ්‍යන්තරයේ ද මෙවැනි ස්‌ථාන විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. රට පුරාම මෙම ස්‌ථාන 2000 කට වැඩි ප්‍රමාණයක්‌ ඇත. මෙවැනි ස්‌ථානයක සාමාන්‍යයෙන් අවම වශයෙන් කාන්තාවන් 5-10 අතර ප්‍රමාණයක්‌ සේවය සපයයි. ඔවුන් හඳුන්වන්නේ තෙරපිවරියන් ලෙසයි. මේවා බොහෝමයක්‌ පවත්වාගෙන යන්නේ ද දේශපාලන බලපුළුවන්කාරකම මත ලබාගත් අවසරයක්‌ මතය. 

මෙහි ඇතුළත සිදුවන කිසිදු ආයුර්වේද පංච කර්මයක්‌ නැත. කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ තුළ සිදුවන සම්බාහනයක්‌ ද නැත. සම්බාහන මධ්‍යස්‌ථාන යන ලේබලය යටතේ මේවා තුළ සිදුකෙරෙන්නේ ගණිකා ව්‍යාපාරයකි. මෙහි සේවය කරන කාන්තාවන්ගේ පහස ලැබීමට සමාජයේ විවිධ ස්‌ථරවල සේවය කරන පුද්ගලයන් පැමිණෙන බව අනාවරණය විය. වෛද්‍යවරුන්, නීතිඥයන්, විධායක නිලධාරීන්, වරාය සේවකයන්, ව්‍යාපාරිකයන්, බැංකු නිලධාරීන් සේම පෙදරේරුවන්, වඩුවන් වැනි අය ද මොවුන්ගේ පහස ලබන්නේය. තරුණ අයගේ පැමිණීමේ සම්භාවිතාව ඉතාම පහළ මට්‌ටමක පවතින අතර මෙවැනි ස්‌ථාන කරා වැඩි වශයෙන් පැමිණෙන්නේ අවුරුදු 40 ඉක්‌මවූ අය වීම ද විශේෂ ලක්‍ෂණයකි. මෙවැනි සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුළත් වීමේ (පැයකට) ගාස්‌තුව රු. 1000 කි. 

එම මුදල ගෙවීමෙන් අනතුරුව එහි සේවය කරන තෙරපිවරියන්ව ගනුදෙනුකරුට පෙන්වයි. ඉන් තමන් කැමති තෙරපිවරියක්‌ තෝරාගත හැකිය. අනතුරුව එම තෙරපිවරිය ගනුදෙනුකරුව කාමරයකට රැගෙන යයි. ඇඟපත සෝදාගෙන එන ලෙස ඇය ගනුදෙනුකරුට පවසයි. අනතුරුව ඇය එම ගනුදෙනුකරුගෙන් ඔහුට අවශ්‍ය සේවාව කුමක්‌දැයි අසා ඔහුට අවශ්‍ය සේවාව වෙනුවෙන් වෙනම ගාස්‌තුවක්‌ අය කරයි. එම ගාස්‌තුවේ ප්‍රමාණය තීරණය වන්නේ ඔහුගේ සේවයේ ස්‌වභාවය අනුවයි. මුලින් ගෙවූ ගාස්‌තුවට අමතරව තෙරපිවරියට රු. 1000-5000 ත් අතර මුදලක්‌ ගෙවිය යුතුයි. ඊට හේතුව එහි සේවය කරන තෙරපිවරියන්ට එම සම්බාහන මධ්‍යස්‌ථානයෙන් කිසිදු වැටුපක්‌ නොගෙවීමයි. හුදෙක්‌ම සම්බාහන මධ්‍යස්‌ථානයන් තුළ සිදුවන්නේ අනියම් ආකාරයකින් සිදු කෙරෙන ගණිකා ව්‍යාපාරයකි.

මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහකය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝමයක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය. පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

විජිත ලංකා
ආචාර්ය - ඩී.එස්‌. සේනානායක විද්‍යාලය - කොළඹ 
උපුටා ගැනීම - දිවයින පුවත්පත ඇසුරිනි
--------------------------------------------------------------------------------------------------------------

එම වෙළද දැන්වීම් වලට ඇමතීමෙන් පහත සදහන් අයුරින් දුරකථන සංවාද වලට ඔබට ප්‍රායෝගිකව මුහුණදිය හැක.

අමතන්නා - ඔයාලා දාලා තිබුණ ඇඩ් එක බලල කතා කරන්නේ
කාන්තාව - කියන්න

අමතන්නා - ඩොක්ටර්ද කතා කරන්නේ...
කාන්තාව - ඔව් ඩොක්ටර් කතා කරන්නේ.මොනවටද ට්‍රීට්මන්ට් එක?

අමතන්නා - එහෙම විශේෂයක් නැහැ.තෙරපිස්ට්ලා කී දෙනෙක් ඉන්නවද?
කාන්තාව - අපි ගාව ගෑනු ළමයි 6 ඉන්නවා.මමත් එක්ක 7 යි.

අමතන්නා - ඉතින් ඔයා ඩොක්ටර් නේ
කාන්තාව - ඔව්.ඉතින් මම ට්‍රීට්මන්ට් එක දෙන එක නරකද?

අමතන්නා - නෑ නරක නෑ.අනෙක හොද නරක බලලනේ කියන්න වෙන්නේ.
කාන්තාව - ප්‍රශ්නයක් නැහැ.අපේ තැන ස්ලෙක්ට් කරලා ගර්ල්ස්ල ගන්න පුලුවන් (ඇය සිනා සෙයි)

අමතන්නා - ටච් කරන්න දෙනවද?
කාන්තාව - ඔයා හැමදේම ඕවර්ද ෆෝන් කරන්න හදනවනේ.ඇවිදින් බලන්න.

මෙහිදී සැබෑ ලෙසම පැහැදිලි වන්නේ වෛද්‍යවරියෙකු හෝ වෛද්‍යවරයෙකු එම මධ්‍යස්ථානයේ නොමැති බවයි. නීත්‍යානුකූලව පවත්වාගෙන යන්නේනම් එහි අනිවර්යෙන් වෛද්‍යවරයෙකු සිටිය යුතු අතර මෙහිදී බොහෝ විට සිදු වන්නේ වෛද්‍යවරයෙකු උපයෝගි කොටගෙන ලියාපදිංචිය ගෙන සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමයි.

දෙවෙනි ඇමතුම Home and Hotel Visiting Therapist පිළිබදවයි.

අමතන්නා - හලෝ
කාන්තාව - ඔව් කතා කරනවා

අමතන්නා - ඔය අය හොටෙල් ඇන්ඩ් හෝම් විසිට් තෙරපිස්ට්ලාද?
කාන්තාව - ඔව්.අපි කොළඹ අවට අයට ඒ පහසුකම සපයනවා

අමතන්නා - කොහොමද චාජ් කරන්නේ?
කාන්තාව - හෝම් විසිට් 5,000 යි.හොටෙල් විසිට් එක 6,000 යි.හොටෙල් නම් රූප් චාර්ජ්ස්,එතකොට එකමොඩේෂන් විසිට් කරන ගර්ල්ට දෙන්න ඕනෑ.

අමතන්නා - එතකොට එන්නේ කොහොම ගර්ල් කෙනෙක්ද?
කාන්තාව - අපි ගාව 20-25 ඉන්නවා,25-30 ඉන්නවා,30-35 ඉන්නවා.

අමතන්නා - මට නම් වයස 50 විතර.එතකොට කොයි වයසක කෙනාද එවන්නේ?
කාන්තාව - එක සර්ගේ චොයිස් එක

අමතන්නා - එහෙම නම් 20-25 හොදයි.
කාන්තාව - ඕ.කේ සර් මට එඩ්රස් එක දෙන්න. ගර්ල් එක්ක එන කෙනාට පේ කරන්න.

අමතන්නා - මේ හලෝ
කාන්තාව - ඔව් සර්

අමතන්නා - මේ..මේ... එතකොට මේ...
කාන්තාව - නෑ කිසි ප්‍රශ්නයක් නැහැ.හැමදේම සර්ට එන ගර්ල් එක්ක කතා කරල විසදගන්න පුලුවන්.සර් බලන්නකෝ

අමතන්නා - නෑ..ඉතින් තරුණ ළමයෙක් වෙන්න ඇතිනේ.
කාන්තාව - කිසි ප්‍රශ්නයක් නෑ සර්.මම ගර්ල්ට කියන්නම් කෙළින්ම කතා කරන්න කියලා.සර් එයා කියන ගාණ පේ කරන්න.

අමතන්නා - ඒ කියන්නේ 5,000 ට අමතරවද?
කාන්තාව - 5,000 සර් ට්‍රීට්මන්ට් වලටනේ. අනෙක් ඒවා ගර්ල් එක්ක කතා කරගන්න.

මේ වන විට පුවත්පත් ද ගණිකා වෘත්තීය සදහා වෙළද දැන්වීම් දමන ස්ථානයක් වී හමාරය.එම දැන්වීම් දමා තිබෙන බහුතරයක් ස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන වලට මුවාවී කරන ගණිකා මධ්‍යස්ථාන වේ. ඉහත දක්වා ඇති නිවසට හෝ හොටල් කාමරයකට පැමිණ කරන සම්බාහන ගණිකා වෘත්තියේ එක් පැතිකඩක් පමණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment