ගව ඝාතනයට නිසි පිළිතුරක් නොදුන්නොත් හිමිනමක් ගිනි තියා ගන්නවා

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් කර තිබෙන ඉල්ලීමට නිසි පිළිතුරක් අද (18දා) උදෑසන වන විට ලබා නොදුන්නහොත් තම සංවිධානයේ භික්‍ෂුන් වහන්සේ නමක් අද ගිනි තබාගන්නා බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ඊයේ සවස ප්‍රකාශ කළහ. එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඍජුවම බාරගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පෙරේදා (16දා) සිංහල රාවය ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයේ දෙවැනි දිනය යෙදී තිබූ ඊයේ (17දා) ඒ හිමියෝ එසේ පැවැසූහ. ·මේ සම්බන්ධයෙන් පිළිතුරක් දීමට මාස තුනක කාලයක් වෙනුවට මාස 8ක කාලයක් ජනාධිපතිවරයාට ලබාදී ඇති බවත් තම ගව පාලන ව්‍යාපෘති වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගව ඝාතනය නතර කළහොත් මෙරට ජනතාවට වඩා ගවයන් සිටිය හැකි බව නිලධාරීන් ප්‍රකාශ කළ රටක් ලෙස හැඳින්විය හැකි බවත් පැවැසූහ.

සංවේදී නායකයකු නම් ජනාධිපතිවරයා තම පා ගමන කොළඹට ළඟාවීමට ප්‍රථම සතුටුදායක පිළිතුරක් ලබා දිය යුතුව තිබුණත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කරන බවද ඒ හිමියෝ පැවැසූහ.

සත්‍යග්‍රහයේ යෙදී සිටි භික්ෂුන් වහන්සේ ප්‍රධාන පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට පැමිණ පාර හරස් කොට විරෝධතාවක් දක්වද්දී එතැනට කොටුව පොලිස් ස්ථානාධිපති ආරියරත්න මහතා පැමිණියේය. ඒ අවස්ථාවේ සංවිධානයේ ලේකම් මැ¾ඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ගව ඝාතනය නතර කරන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත භාරදීමට ලිපියක් භාර දුන්නේය. ලිපිය භාර දෙන්නට සිදුවන්නේ අද පෙරවරුවේ බැවින් එතෙක් කලබල නොකරන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම අනුව භික්ෂුන් වහන්සේ පාරෙන් ඉවත් වූහ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment