දින 50 ක් ඇතුළත Facebook පැමිණිලි 250ක්

මේ වසරෙහි ගත වූ දින පනහක කාල සීමාව තුළ ෆේස් බුක් සමාජ වබේ අඩවියෙන් විවිධ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධව පැමිණිලි 250ක් ලැබි ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා රිවිරට පැවසීය.

ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පවත්වාගෙන යාම ඊට වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප භාවිත කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිත කර විවිධ පුද්ගලයන් රැවටීම හා අපහාස කිරීම ආදී කරුණු සම්බන්ධව තම සංසදයට පැමිණිලි ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි. නූගත් ආකාරයට ෆ්‍ස් බුක් සමාජ වබේ අඩවිය සහ අන්තර්ජාලය භාවිත කිරීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වන බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වි පාසල් හා ගුරු විද්‍යාලවල විවිධ දේශනද මේ වන විටත් පවත්වමින් සිටින බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.
ෆේස් බුක් සමාජ වබේ අඩවිය සහ අන්තර්ජාලයේ විවිධ අක්‍රමිකතා සිදු වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ හදිසි දුරකථන අංක වන 0112691692 යන අංකයට දන්වන ලෙසද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.


2011 වසරේ ෆ්‍ස් බුක් සම්බන්ධව පැමිණිලි 1040ක්ද 2012 වසරේ ෆේස් බුක් සම්බන්ධව පැමිණිලි 1150ක්ද 2013 වසරේ ෆ්‍ස් බුක් සම්බන්ධව පැමිණිලි 1200ක්ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබි තිබේ. එලෙස ලැබෙන පැමිණිලිවලට තාක්ෂණික සහාය සහ උපදෙස් මෙම සංසදය මගින් ලබාදෙනු ඇත.

ෆ්‍ස් බුක් සමාජ වබේ අඩවියේ ඡායාරූපයක් පළවීම සම්බන්ධව සිද්ධියක් මුල් කරගෙන කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 වැනි වසරෙහි ඉගෙනුම ලැබූ වෙනුෂා ඉමන්ති නමැති සිසුවිය ගෙලවැලලා ගෙන සියදිවි හානි කරගෙන තිබුණි.
එසේම ව්‍යාජ ඡායාරූපකින් පෙනී සිටීම නිසා එය හෙළිවීම මත ෆ්‍ස් බුක් තරුණයකු සමග පෙම් සබඳතාවක් පැවැත්වූ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ දිනේෂා නිලක්ෂි (19) ශිෂ්‍යාව පෙරේදා (19දා) සියදිවි හානි කරගෙන තිබිණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment