පාර්ලිමේන්තු සජීවී විකාශයට ඇමතිවරුන්ගේ නොසතුට

පාර්ලිමේන්තුව තුලදී කරන කතාවන් මේ වනවිට සජීවීව විකාශය වන නිසා එයට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නොසතුට පළවී තිබෙනවා.

ඒ පිළිබඳව පරිත්‍රා වන්නිආරච්චි විසින් පසුගියදා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ,

"බලන්න සර්, අපේ කතානායකතුමා ගත්ත තීන්දුවන් හින්දා අපිට හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා සජීවීව පෙන්නන නිසා ඒකෙන් වැඩි වාසිය අරන් හියෙන්නේ විපක්ෂය.

පාර්ලිමේන්තුවේ මම කතා කර කර ඉද්දී විපක්ෂය නයිට් රේස් ගැන පශ්නයක් මතු කළා. මම ඒකට විරුද්ධ වුණා. විපක්ෂයත් දිගින් දිගටම කියද්දී මමත් දීන් දිගටම විරුද්ධ වුණා.


ඒ පාර කතානායකතුමා කිව්වා බාධා කරන්නේ නැතුව අහන් ඉන්න කියළා. ඉතින් මීඩියා වල ගියේ විපක්ෂය කතා කරන ටිකයි, කතානායකතුමා අවවාද කරපු ටිකයි.
"

ඒ සමඟම විමල් ද ඊට උඩගෙඩි දෙමින් පවසා ඇත්තේ "ඒ කතාව ඇත්ත. විපක්ෂය අපෙන් ප්‍රශ්න අහන ඒවා මාධ්‍ය වල දානවා. අපි කතා කරන්න මයික් එක දාද්දිම කපනවා" යනුවෙනි.

මේ සියල්ලටමත් වඩා රිදී තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාටය.

පසුගිය සතියේ රන්ජන් රාමනායක මංත්‍රීවරයා විසින් කෙහෙළියගෙන් ඕස්ට්‍රේලියාවේ බල්ටි ගහපු හෝටලයේ නඩු වාර්තාවක් ඉල්ලාසිටි අතර ඊට දින කිහිපයකට පසු රූපවාහිනියේ ටෙලිනාට්‍ය පෙන්වීම ට මහනුවර රඹුක්වැල පදනම නම් මහනුවර දිස්ත්‍රික්කයේ ගිණුමකට රු.50,000 බැගින් දැමිය යුතු බවට කළ කතාවට හොඳටම රිදී තිබුණා.

මේ නිසා ඊයේ රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් කතානායකයවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශ සජීවීව විකාශ කරන නිසා එම ප්‍රකාශ වලින් වන අපහාසයන්ට එරෙහිව නඩු දැමිය හැකි ප්‍රතිපාදන සලසා දෙන ලෙසයි

"පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා මා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත්, රටත් නොමඟ යවන ප්‍රකාශයක් කර ඇති බව ඔබතුමාත්, පාර්ලිමේන්තුව දැනගැනීමට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන රඹුක්වැල්ල පදනමක් නැත. නැති පදනමකට මුදල් ලාබාගන රිසිට් පත් නිකුත් කරනවා යැයි පැවරීම අමූලික මුසාවකි. එවැනි එකදු රිසිට්පතක් හෝ පෙන්විය හැකි නම් මම එම මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්ව්න වන බව දන්වමි.

ගරු කතානායක තුමනි, ඔබතුමා මාධ්‍ය ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කරමින් පාර්ලිමේන්තුවේ කෙරෙන සියළුම වාද විවාද සංස්කරණයකින් තොරව ඒ ආකාරයෙන්ම මාධ්‍ය ඔස්සේ විකාශයකිරීම ප්‍රශංසනීයයි.

ජනතාව වෙනුවෙන් මාධ්‍යයට ලබා දුන් එම අනගි අවස්ථාව මේ මංත්‍රීවරයා තම පහත් හැසිරීම උපයෝගී කරගනිමින් අන් අයට පාවිච්චි කරන බව පෙනේ. එසේ නම් මාධ්‍ය ඔස්සේ පහත් ප්‍රකාශ කරන එම අයට එරෙහිව නඩු පැවරීමට ඇති ප්‍රතිඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
"

එම වීඩියෝව පහතින්.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment