රංජිත්ගේ පුටුව පේෂලට හිමිවෙයි

උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න මහතා එහි නව ආණ්ඩුකාර පී.බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් අද (28) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

පේෂල ජයරත්න මහතා ජනපතිවරණ කාලසීමාවේදී සන්ධානයේ සිට පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.


ඔහු උතුරු මැද පළාත් සභාවේ ආහාර, සමුපකාර හා වෙළෙඳ ඇමැතිවරයා ලෙස එවකට කටයුතු කළේය.


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිධුරය පේෂල ජයරත්න මහතාට හිමිවීමට නියමිත බව පසුගිය දිනවල වාර්තා වූ අතර ඒ අනූව වර්තමාන මහ ඇමති එස්.එම්.රංජිත් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා විණ.


එසේම උතුරු මැද පළාත් සභාවේ බහුතරයකගේ කැමැත් පේෂල ජයරත්න මහතාට ලැබී තිබෙන බවද වාර්තා විය.


උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ආසන 21ක්ද විපක්ෂයට මන්ත්‍රීධුර 12ක්ද වශයෙන් එහි සංයුතිය පවතී.



Post a Comment