කෝච්චියකුත් උස්සන්න පුළුවන් – ඇත්තම ඇත්ත වීඩියෝවක්

ඕස්ට්‍රේලියාවේ, පර්ත් දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවීම සඳහා ගිය මගියෙකු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ පර්ත් දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවීමට ගිය මගියෙකු දුම්රියේ හා දුම්රිය වේදීකාව අතර ඇති හිඩසින් සිය පාදය ගොස් හිරවී තිබීම හේතුවෙන්.

වේදිකාව සහ දුම්රිය අතර දුර ප්‍රමාණය සෙන්ටි මීටර් 5ක් තරම් වු ඉතා කෙටි ප්‍රමාණයක් වුවත් අදාළ මගියාගේ පාදය අහම්බෙන් මෙන් එම ස්ථානයේ සිරවී තිබේ. කොහොම වුණත් එම වේලාවේම අදාළ දුම්රිය
ධාවන කටයුතු නතර කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නවතා ගැනීමට පර්ත් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයින් කටයුතු කර ඇත.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයාගේ සිර වී තිබු පාදය ගොඩ ගැනීම සඳහා මහත් උත්සහයක් දැරූවද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවීය. ඒම නිසා එම දුම්රිය ස්ථානයේ සිට මගීන් සියලුම දෙනා දුම්රිය පැත්තකට තල්ලු කරමින් සිරවී තිබු පාදය ගොඩට ගැනීමට සමත් විය.

එම ස්ථානයේ සිටි ජනතාවගේ සහයෝගය නොතිබෙන්නට සිරවී තිබු අදාළ පුද්ගලයාගේ පාදය ගොඩ ගැනීම හැකියාවක් නොලැබෙන්න තිබුණා කියලා තමයි එම ස්ථානයේ සිටි පිරිස නම් කියලා තියෙන්නේ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment