ෆේස්බුක්වලට වැට නොබඳින බව ජනපති ‘ට්විටර්’ තුළින් කියයි - President twitters his views on facebook

තොරතුරු හා සන්නිවේදනය ප‍්‍රචලිත කිරීම සඳහා හැම විටම ක‍්‍රියා කරනආණ්ඩුවක් ලෙස සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අදහසක් හෝ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. මේ අතර ජාතික ළමාරක්‍ෂණ අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පවසන්නේ කිසියම් ව්‍යසනයක් සිදු වූ පසු එහි වරද ෆේස්බුක් හෝ වෙනත් තාක්‍ෂණික මෙවලමකට පැවරිම එකහෙලාම අනුමත කළ නොහැකි බවයි.කළ යුත්තේ දරුවන්ට ලබා දෙන නවීන තාක්‍ෂණික මෙවලම් සම්බන්ධයෙන් මව්පියන් ද දැනුවත්ව සිටීම යැයි ඇය පැවසීය. 

ජීවිතයට එන දුක,සැප,කඳුල ආදී කාරණාවලදී ශක්තිමත්ව මුහුණ දීමට දරුවන්ට කියා දිය යුතු බව පවසන ඇය ශ‍්‍රීලාංකික සම්ප‍්‍රදායන් තුළ ඉතා ඉහලින් අගය කරන ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මේ වනවිට ක‍්‍රමයෙන් පළුඳු වෙමින් තිබෙන බවද කීවාය. 

ගුරුවරුන් අශෝභන ලෙස ශිෂ්‍යයින්ට දඬුවම්කිරිමත්, ගුරුවරයෙකුගේ දඬුවමක් දරාගත නොහැකිව ශිෂ්‍යයන් ගුරුවරුන්ට පහරදුන්අවස්ථා ඉකුත් දිනවල සුලභව වාර්තා වූ බව කියන ඇය ළමුන්ට ආදරය හා ගෞරවය නොදී වැඩිහිටියන්ට පෙරළා ආදරයක් ලබාගත නොහැකි බවද කීවාය. පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය හදිසි සාකච්ඡාවක් ද කැඳවා තිබේ.
President Mahinda Rajapaksa says that for a government that has always promoted ICTs, it has no intention of banning social media in the country.

In his official twitter page, the president says, "We want people to understand social media's powerful advantages as well as its potential dangers, especially when children use it."

"The government is actually working on promoting the safe use of social media and not trying to ban it," he says.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment