රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී තිබේ.
පෙබරවාරි 13 වැනිදා පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සිදුකර තිබේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, නීතිඥ මනෝහරද සිල්වා, නීතිඥ ජගත් ගුණවර්ධන ආදීන්ද සහභාගි වී ඇත.
රජයේ මාණ්ඩලික මට්ටමේ ඉහළම නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම් වරයකුට මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට සහභාගිවීමට හැකිදැයි රාවය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එසේ කළ නොහැකි බවයි.
මේ පිළිබඳව රාවය උදය ගම්මන්පිළ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙවර පමණක් නොව ගියවර ඔහුගේ මැතිවරණ කටයුතු සඳහාද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි කරගත් බවත්, අමාත්‍යාංශ ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරී තනතුරක් පමණක් බවත්, ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගිවීමට කිසිදු බාධාවක් නොමැති බවත්ය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය.මීට පෙර මැතිවරණ අවස්ථාවකද ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම නීති විරෝධී බව දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පියවරක් ගතහැකිවූයේ නැත. උදය ගම්මන්පිළ මහතා මැතිවරණ නීතිරීති උල්ලංඝනය නොකරමින් මෙවර සිය මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන බව ප්‍රකාශ කරනු ලැබීය.
ලසන්ත රුහුණගේ - Ravaya
[Sunday, February 16, 2014]Put the internet to work for you.
Recommended for you |
Post a Comment