ලංකාවෙන් බිහිවූ ලොව ලාබාලතම තොරතුරු තාක්ෂණික උපාධිධාරිණිය

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ නවවන වසරේ අධ්‍යාපනය ලබන එකොළොස් හැවිරිදි වශින්‍යා ප්‍රේමානන්ද් සිසුවිය තොරතුරු තක්ෂණය පිළිබඳ ලොව ළාබාලතම උපාධිධාරිනිය බවට පත්වී ඇත. 

ඒ අනුව ඇය මේ වනවිට තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE ) සමත්වී ඇත. වයස අවුරුදු 8 දී අ.පො.ස සා.පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට ඒ සාමාර්ථයක් ලබාගෙන ඇති ඇය ජාත්‍යන්තර පරිගණක ක්‍රියාකරු (Inter National Computer driving License) සහතිකයද ලබාගෙන ඇත. 

ඒ අනුව ඇය වය අවරුදු දහය ඉක්මවීමට ප්‍රථම වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව වැනි ඩිප්ලෝමා කිහිපයක් සම්පුර්ණ කොට ඇත. ඇය පළමු ඊ මේල් පණිවිඩය යවා ඇත්තේ වයස අවරුදු තුනේදිය. 

වයස අවරුදු අටේදී ය වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර ඒ අනුව ඇය මෙරට ලාබාලතම වෙබ් අඩවි නිර්මාණ ශිල්පියා හා ලොව වයසින් වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගල ලැයිස්තුවේ දෙවන තැනද දිනා ඇත. 

තොරතුරු තාක්ෂණ හැකියාවට අමතරව ඇයට භාෂා පහක් කතා කිරීමේ (සිංහල, දෙමල, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්) හැකියාවද ඇත. දක්ෂ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ඇය ටෙනිස් තරංග ජයග්‍රහනයකොට රන් රේදී පදක්කම්ද දිනා ඇත. 

තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා ගත්තද ඇයගේ අපේක්ෂාව වන්නේ ස්නායු වරියක් වීමටය. අබාධිත රෝගීන් උදෙසා ඔවුන්ගේ සිතුවිලි අනුව ක්‍රියාත්මක වන රෝබෝවරියක් තැනීම සඳහා ඇය මේදිනවල වෙහෙසමින් සිටී. 

ඇය නිර්මාණය කල වෙබ් අඩවිය 
http://remokiyalubrica.com

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment