සන්ධාන මන්ත්‍රීට හනික ඇප ලැබෙයි

පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කරන ලදැයි චෝදනා එල්ලවී සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ශිරෝන් ප්‍රනාන්දු යන අය ඇප මත මුදා හරින ලෙස මාරවිල දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

ඒ අනුව සැකාර මන්ත්‍රීවරයා රුපියල් 1000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක් වන ශරීර ඇප මත මුදා හැර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


පසුගිය 01 වැනිදා රාත්‍රීයේ වෙන්නප්පුව - කම්මල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් තුළදී මෙම පහර දීම සිදු කර ඇති බව පොලීසිය කියයි.


පහර කෑමට ලක්වූ බව කියන වෙන්නප්පුව - දකුණු කම්මල පදිංචිකරුවෙකු වන ඩඩ්ලි ඇන්ටනි ප්‍රනාන්දු (අවු:42) යන මාරවිල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීමෙන් පසුව මේවන විට පිටව ගොස් ඇත.


උත්සවයක් සංවිධානය කිරීම සඳහා සැකකාර මන්ත්‍රීවරයා විසින් යවන ලද ලිපියක් පහර කෑමට ලක්වූ අය ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට හේතුව බව පොලීසිය කියයි.


සිද්ධිය වන විට සැකකාර මන්ත්‍රීවරයා අත පිස්තෝලයක් වැනි ආයුධයක් තිබූ බව රෝහල් ගත කර සිටි අය පැවසුවද ඒ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදු කර නැත.


සැකකාර මන්ත්‍රීවරයා පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.


වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.



Post a Comment