අතුරුදහන්වූ මුරකරුගේ මළ සිරුර හමුවෙලා

බෙන්තොට, දුම්රිය හරස් මාර්ගයේ මුරකරු වශයෙන් සේවය කළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තබේ.

පසුගිය 01 වැනිදා සිට ඔහු අතුරුදන්ව ඇති බවට වාර්තා පළවිය.


බෙන්තොට පාලම අසළ ගඟේ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මක විමර්ශන සිදුකළ බව පොලිසිය පවසයි.


එහිදී මෙම මළ සිරුර අතුරුදන් වු ගේට්ටු මුර කරුගේ බවට හඳුනාගෙන තිබේ.


මියගොස් ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි මනෝජ් අනුරාධ නැමැති අයෙකි.


මරණය සිදුවු ආකාරය පිළිබද මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.



Post a Comment