සබරගමු සරසවිය දින නියමයක් නොමැතිව වසාදමයි

සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අදාළ විශ්වවිද්‍යාලයේ සිසුවියන් කණ්ඩායමක් එහි පිරිමි නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් මෙලෙස සරසවිය වසා දැමීමට තීරණය කළ බව වාර්තා වෙයි.


සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකට බාධා සිදුකළ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අද (05) උදෑසන කටයුතු කළේය.



Post a Comment