රිය අනතුරකින් කතක් මරුදකියි

අතුරුගිරිය, වල්ගම , හෝමාගම මාර්ගයේ සිදුවු අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

වල්ගම දෙස සිට හෝමාගම දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ වල්ගම, තම්පහල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකි.


අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment