මැ.කොගෙන් පොලිස් මූලස්ථානයට ලිපියක්

පක්ෂ ලේකම්වරු, පොලිස්පතිවරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ජාවේ දී ගත් තීරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිස් මුලස්ථානයට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බව සඳහන් වෙයි.


ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා විසින් ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ ජයසිංහ මහතා වෙත අදාළ නියෝග ලබාදී තිබේ.


විශේෂයෙන් අදාළ සාකච්ජාවේ දී කරුණු 06ක් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති අතර ඒවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ක්‍රියාකරන ලෙස ගාමිණි නවරත්න මහතා දැනුම් දී ඇත.


මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව පවතින තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්පි එන්.කේ.ඉලංගකෝන් මහතා මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවෙයි.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.



Post a Comment