දුම්මලසූරිය, උඩුබද්දාව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොච්චිකඩේ පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදි සැකකරුවන් සතුව තිබී ත්‍රි රෝද රථයක්, යතුරුපැදියක් සහ නිධන් කැනීමේ කටයුතු සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් උඩුබද්දාව, නිකවැරටිය සහ වැලිපැන්නගහමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment