යහංගල කඳුවැටියේ ගින්නක්

හසලක, උඩුදුම්බර, යහංගල කඳුවැටියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් අක්කර 15 ක පමණ භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.


හසලක පොලිසිය සහ වන අඩවි නිලධාරීන් එක්ව ගින්න මේ වනවිට සම්පුර්ණයෙන් මැඩපවත්වා තිබේ.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment