ඒකට මාරුවෙන්න අවුරුදු 3ක් අවශ්‍යයි

නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයක් වන බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් බැහැරව වෙනත් ක්‍රමවේදයකින් මසුන් ඇල්ලීම සඳහා කාලයක් අවශ්‍ය වන බව රාමේෂ්වරම් ධීවරයින් පවසා තිබේ.

අවම වශයෙන් වසර 03 ක කාලයක් වත් ඒ සඳහා අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි.


පසුගිය දා හිංදු පුවත්පත සමඟ පැවති සාකච්ජාවක දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් පරිසර පද්ධිතියට දැඩි හානි සිදුව ඇති බවයි.


එක් යාත්‍රාවක් දෙකක් පමණක් නොව යාත්‍රා සිය ගණනක් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


මේ පිලිබඳව අදහස් දක්වමින් රාමේෂ්වරම් ධීවර සංගමය නියෝජිතයින් පවසා ඇත්තේ ඉන්දීය ධීවරයින් මුහුදු පරිසර පද්ධතිය විනාශ කරන බවට එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි.


කෙසේ වෙතත් මසුන් ඇල්ලීමේ වෙනත් ක්‍රමවේද භාවිතා කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව ද ඔවුන් පවසා තිබේ.


ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීමට කටයුතු නොකිරීම පිළිබඳව ඉන්දීය රජයට ද චෝදනා එල්ල කර තිබේ.



Post a Comment