එහි ප්‍රකාශකයෙකු අද දෙරණ සමග සඳහන් කළේ ඉදිරි දින දෙක තුළ දි අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි.
ඌව පළාත් සභා ඡන්ද විමසීමට අපේක්ෂකයින් 617 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඉන් තෝරාගැණුනු මන්ත්‍රීධුර සංඛ්‍යාව 34කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිධුර 09ක් හිමි වු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවු මන්ත්‍රීධුර සංඛ්‍යාව 08ක් වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණට ද එක් මන්ත්‍රීධූරයක් හිමිවුණි.
මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 08 දෙනෙකු තෙරි පත්වුණු අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු තේරි පත්වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණට ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇත. v මේ අතර අදාළ මන්ත්‍රිවරුන් දිවුරුම් දිම පිළිබඳව ඉදිරි දින වලදි තීරණයක් ගන්නා බව දේශපාලන පක්ෂ අද දෙරණ සමග සඳහන් කළේය.
Post a Comment