සංචාරක හෝටලයේ වල් ඌරුමස් - කළමනාකරු අැල්ලු හැටි

ගිනිගත්හේන, රංජුරාව ප‍්‍රදේශයේ තරු 3නේ සංචාරක හෝටලයක වල් ඌරුමස් කිලෝ 12 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත එම හෝටලයේ කළමනාකාරවරයා රත්නපුර, පලාබද්දල වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සංචාරකයන්ට ලබාදීම සඳහා මෙම හෝටලයේ ගෝන මස් සහ වල් ඌරුමස් තිබෙන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම වනජීවී නිලධාරීන් විසින් අද (13) සිදුකර ඇත.


මෙම වැටලීමේදී සැකකරු සමඟ මස් ගබඩාකර තිබූ අධිශීතකරණය සහ වල් ඌරුමස් කිලෝ 10ය හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස්. කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුව රු. විසිපන්දාහක මුදල් ඇප සහ රු. පනස්දාහක ශරීර ඇප මත මුදාහැර මස් තොගය විනාශකර සැකකරුට එරෙහි චෝදනා පත‍්‍රය මේ මස 16 වෙනි දින ගොණුකරන ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කරන ලදී.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



Post a Comment