කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසළදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයකු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(05) අළුයම 5.00 ට පමණ අදාළ පුද්ගලයා ගිනි තබාගෙන ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම පුද්ගලයා 72 හැවිරිදි පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර සිද්ධියට හේතුව අනාවරණය වී නොමැති බවයි.
මේ අතර මහනුවර, මහයියාව ප්‍රදේශයේ නිවසක ඇති වු ගින්නකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
අදාළ නිවසේ ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් නිවස සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.
තුවාල ලැබු පුද්ගලයින් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
Post a Comment