අඹන්පොළින් හමුවූ සොහොන වසර 30,000ක් පැරණි නෑ

පසුගියදා මහව, අඹන්පොල ප්‍රදේශයෙන් හමුවූ ගල් සොහොන වසර 30,000ක් පමණ පැරණි බවට පල කර ඇති පුවත්පත් වාර්තා මුළුමනින් ම සාවද්‍ය බවයි ගුරුගොඩ කැණීම් බිම භාර ප්‍රධාන පරීක්ෂණ නිලධාරි රසික බණ්ඩාර මහතා පවසයි.

වසරක පමණ කාලයක් කළ කැනීම් වලින් අනතුරුව මෙය හමුවූ අතර මෙතෙක් හමු වී ඇති සොහොන් බිම්වල මිය ගිය අයගේ සිරුරු ආදාහනය කර ලබා ගත් අළු භාජනයක් වැනි යමක බහා පොළව යට තැන්පත් කර තිබුණ ද අඹන්පොල ප්‍රදේශයෙන් හමු වු සොහොන් ගැබ්වල එවැනි ලක්ෂණයක් දක්නට නොමැති බවත් භෂ්මාවශේෂ පමණක් පොළොවේ වළලා ඇති බවත් තහවුරු වී තිබේ.


මෙය පැරණි සොහොනක් ලෙස සැළකෙන නමුත් නිශ්චිත වකවානු ප්‍රකාශ කිරීමට තවමත් ඒවායේ කාල නිර්ණය කර නොමැත

මෙතෙක් හමු වී ඇති සොහොන් බිම්වල මිය ගිය අයගේ සිරුරු ආදාහනය කර ලබා ගත් අළු භාජනයක් වැනි යමක බහා පොළව යට තැන්පත් කර තිබුණ ද ගුරුගොඩින් හමු වු සොහොන් ගැබ්වල එවැනි ලක්ෂණයක් දක්නට නොමැති බවත් භෂ්මාවශේෂ පමණක් පොළොවේ වළලා ඇති බවත් තහවුරු වී තිබේ.

ලංකාවේ මෙතෙක් හමු වී ඇති කොණ්ඩදෙණියේ පින්වැව ගල් සොහොන් භුමිය ක්‍රි.පූ. 2 වැනි සියවසයේ බැව් තහවුරු වී ඇති අතර එම ලක්ෂණ හා සසඳා බලන විට ගුරුගොඩ ගල් සොහොන් බිම ඊට වඩා පැරුණි බව පමණක් අනුමාන කළ හැකි බැව් ඔහු පවසයි

ජලාශ්‍රිත ශිෂ්ඨචාරයක මිනිසුන් වාසය කළ බව එයින් ඔප්පු වෙන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැනීම් භාර නිළධාරීවරයා පවසන්නේ

"ජලය මූලික කරගත් මෙරට පැරැණි මානව ශිෂ්ටාචාරයට අනුව මේ ගුරුගොඩ ප්‍රදේශය ජීවත්වීමට සුදුසු භූමිකාවක් කරගෙන තිබෙනවා. මීඔය හරස්කර ඉදිකර තිබෙන අඹකොළවැව අතරගල් වැව පාළුකඩවල වැව හා මී ඔය ආශ්‍රිතව අදටත් පවතින වාරිකර්මාන්තය අතීත වාරි ශිෂ්ටාචාරය පිළිබඳ වර්තමාන සාක්‍ෂි ලෙස සැලකිය හැකිය.

සොහොන පිහිටි ප්‍රදේශයේ බිම අඩි දෙක තුනක් පහළට පස් ගත්විට බොරලු පස් දක්නට ලැබෙනවා. එහි කිසිදු කටයුත්තක් කරන්න බෑ. එම කොටස සොහොන් කොතට භාවිත කරන්නට ඇති. වටේට තැබූ ගල්මත ඉහළ ගල් ආවරණයක් යොදා යට මැරුණ අයගේ පිලිස්සූ අළු තැන්පත්කර ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

නොදියුණු සාම්ප්‍රදායික ලක්‍ෂණ මෙන්ම එවැනි සම්ප්‍රදායක් කර පින්නාගත් පිරිසක් සිට ඇති බවට අනුමාන කරනවා. අදටත් මෙහි ජීවත්වන ජනයා එම සම්ප්‍රදාය මත කටයුතු කරන පිරිසක් බවට පත්ව සිටිනවා. වැදි පරම්පරාවකට සම්බන්ධකම් ඇති බවට එම ප්‍රදේශයේ ජනයාගේ වාසගම්වලින් පිළිබිඹු වනවා.

"ඇදිදුන්න, විදිතිලකසිංහ, සිංහප්‍රතාප වන්නිනායක, රංගේ බණ්ඩාර මුදියන්සේලාගේ" ආදී වාසගම්වලින් මෙහි ජීවත්වන පිරිස ඉතා දිගු ඉතිහාසයකට නෑකම් ඇති බවට සාක්‍ෂි පවතිනවා.

අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් යැයි සැලකෙන කාසි හා රන් මාලයක යැයි සැලකෙන පබලු 500ක්, දේව රූප යැයි සැලකෙන මැටියෙන් කළ පිළිම 10ක්, රන් මාල කැබලි කීපයක්, ගෘහ නිර්මාණ සඳහා යොදාගත් ගඩොල් වර්ග ආදියද මෙම ස්ථානයේදී හමුවූවා.

එම හමුවූ ද්‍රව්‍යවලට අමතරව සොයාගෙන තිබෙන සෙල් ලිපියෙන් තොරතුරු රැසක් ලබාදෙනවා. සෙන්ටිමීටර් 180ක් දිග සෙන්ටිමීටර් 40ක් පළල සෙල්ලිපියෙහි දළ වශයෙන් අක්‍ෂරයක පළල සෙන්ටිමීටර් 05ක් පමණ වෙනවා. මෙහි අක්‍ෂර ලක්‍ෂණවලට අනුව ශිලා ලේඛනය ක්‍රි.ව. 05 වන සියවසට පමණ අයත් යැයි සලකන්න පුළුවන්. එකම ස්ථානයේ සෙල්ලිපි තුනක් පිහිටුවා තියනවා. ඒත් වඩා හොඳින් කියවාගන්න පුළුවන් ඉන් එක් සෙල්ලිපියක් පමණයි. "
 


මහාචාර්ය රාජ් සෝමදේව මාහතා ඇතුලු පිරිසක් 2010 වසරේ හල්දුම්මුල්ල දෙමළ මහ විදුහල අසල දී කැණීම් කර ඓතිහාසික සොහොන් බිමක් මතු කර ගන්නා ලදි. එම සුසාන භූමියෙන් හමු වූ අඟුරු ඉන්දියාවේ පර්යේෂණාගාර වෙත යවා කළ කාල නිර්ණයන්ට අනුව එම සුසාන භූමි භාවිත කර ඇත්තේ වසර 3250 කට පෙර බවයි තහවුරු වුනේ. එම ලිපියට මෙතනින්.

එම ස්ථානයෙන් හමුවූ සොහොනේ වීඩියෙවක් පහතින්.




එම ස්ථානයේ ජායාරූප කිහිපයක්.












-සම්බන්ධිත පුවත්-
හල්දුම්මුල්ල ගුහාවකින් සොයාගත් වසර 5,000ක් පැරණි පුරාවස්තු
ආදිවාසී ලාංජනය ලෙස තෝරාගත්තේ පිටසක්වල යානයක්ද?


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment