පැය අටක් වැසිකිලියේ හිරවී සිටි කතක්

කාන්තා විවේකා ගාරයේ පැය 8ක් හිර වී සිටින්නට වූ කතක් ඇමරිකාවේ සිටියි. කරින් පෙරීන් නැමැති ඇය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ජ්‍යෙෂ්ඨ සහකාරිනියක් ලෙස සේවය කරයි.

තම ප‍්‍රධානියාගේ පිටරට සංචාරයක් සැලසුම් කිරීම සඳහා ඇය සිකුරාදා දින රාති‍්‍ර 10 වන තෙක් කාර්යාලයේ රැදී සිටියහ. වැඩ නිමවී ස්වාමි පුරුෂයාට දුරකථන ඇමතුමක් දී ඇය මිනිත්තු 15 ක් ඇතුළත නිවසට යන බව කීවාය. බෑගය සූදානම් කර ගත්තත් ඇයට විවේකාගාරයට යාමට අවශ්‍ය විය. පසුව ජංගම දුරකථනයත් මේසය උඩ තබා ඇය එහි ගියාය.

තම කාර්යන් නිමවී දොර ඇරීමට තැත් කළත් ඇයට එය නොහැකි විය. දොර අගුළු වැටී තිබිණි. අසරණවූ ඇයට කිසිවක් කරකියා ගත නොහැකි විය. මන්ද එවෙලෙහි කාර්යාලයේ කිසි කෙනෙක් නොසිටි හෙයිනි.

දොරට වැරෙන් පහර දුන්නත් එය කැඞීමට නොහැකි විය.

පසුව ඇය කඩදාසි සළු 200 ක් පමණ දොර යටින් එළියට දැම්මේ එය ආරක්ෂක කැමරාවක සටහන් වී ආරක්ෂක භටයින් දකීනු යැයි සිතමිනි. එයිනුත් ඵලක් නොවුනු තැන ඇය පුටුවක් උඩ නැග සිවිලිම ගලවා බලද්දී එහි තිබී යකඩ පොල්ලක් හමු විය. එය රැුගෙන පැය 2 ක් පමණ බිත්තියට ගසා යන්තම් අත දාමා දොර ඇරිය හැකි පරිදි හිලක් සදා ගත්තා.

පැය 8 ක් පමණ විවේකාගාරයේ හිර වී සිටිමින් එළියට ඒම නපුරු සිහිනයකින් අවදිවූවා වැනි යැයි ඇය පැවසුවේ අඩමිනි. 



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment