චීන නැව් ලංකාවට ඒම ඉන්දියාවට ප්‍රශ්නයක්

චීන සබ්මැරීනයක් ශ්‍රී ලංකා වරායට පැමිණීම තම රටට ගැටළුවක් නොවන බව ඉන්දියාව පවසයි.

ඉන්දීය නාවුක හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්.කේ දොවාන් පෙන්වා දෙන්නේ එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සබඳතා අනුව සිදූවුවක් බවයි.


ඉන්දියාවේ මේ දිනවල සංචාරයක නිරත වන ප්‍රංශ නාවුක හමුදා ප්‍රධානී අද්මිරාල් බර්නාඩ් රෝගෙල් පිළිගැනීමෙන් අනතුරුව ඉන්දීය නාවුක හමුදාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.


දින හයක සංචාරයක් සඳහා ප්‍රංශ නාවුක හමුදා ප්‍රධානියා ඊයේ දිනයේ ඉන්දියාවට පැමිණ ඇත.


ඉන්දීය නාවික හමුදාව කලාපීය මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර නිරීක්ෂණයක නිරත වන බව ද ඉන්දීය නාවුක හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.



Post a Comment