I.P.L වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි

මහේල, ඩිල්ශාන් සහ මැත්ව්ස් මිලදී ගෙන නැහැ

යුවරාජ්ට කෝටි 14ක්

2014 අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් වැඩිදෙනෙක් මිලදී නොගැනීමට අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා. ඒ අතර අයි.පී.එල්. තරගාවලිය ආරම්භයේ සිට ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ද වනවා.

 ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස්, කෞශාල් සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දීව් හා උපුල් තරංග යන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ද එහිදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු ලැබුවේ නැහැ. ඊයේ පැවති ක‍්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් වන්නේ තිසර පෙරේරා, මුත්තයියා මුරලිදරන් සහ කුසල් ජනිත් පෙරේරා පමණයි. 

මෙවර ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකමක් හිමිවුණේ ඉන්දීය පිතිකරු යුවරාජ් සිංටයි. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ රුපියල් කෝටි 14කටයි. දිනේෂ් කාර්තික් ඉන්දීය රුපියල් කෝටි දොළහමාරකට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. එංගලන්ත කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක කෙවින් පීටර්සන් ඉහළම වටිනාකමක් හිමිවූ විදේශීය ක‍්‍රීඩකයා වූ අතර, ඔහු ඉන්දීය රුපියල් කෝටි 9කට අලෙවි වුණා.
මෙවර ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරය හේතුවෙන් කුමාර් සංගක්කාර වෙන්දේසියට ඉදිරිපත් නොවූ අතර වෙන්දේසියට එක්වූ ක්‍රීඩකයන් අතුරින් තිසර පෙරේරා ඉන්දීය රුපියල් කෝටි 1.6 වෙන්දේසී වූ අතර මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටියකට අලෙවි වුනා.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment