වගා ළිඳක අභිරහස් මළ සිරුරක්

කුලියාපිටිය, ඇපලදෙණිය ප්‍රදේශයේ වගා ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් විසින් කුලියාපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


මෙලෙස මියගොස් ඇත්තේ ඇපලදෙණිය ප්‍ර දේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙකි.


මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කුලියාපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment