ඕනෑම අභියෝගයකට සුදානම්

බලයට පත්වු දා සිට රටත්,ජාතියත් නඟා සිටුවීමට කටයුතු කළ තමන් ඕනෑම අභියෝගයකට සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ සිදුවන සංවර්ධනය ආපසු හැරවීමට ජනතාව කිසිදා ඉඩ නොතබන බවත් ජනතා ආශිර්වාදයෙන් රට ගොඩනඟන වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


උතුරු අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.


වත්මන් රජය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත්තේ ජනතාවගේ අදහස් හඳුනාගනිමින් බව ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දි ඇත.


රටට වැඩක් කළ නොහැකි ඇතැමුන් ජාත්‍යන්තරය තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනඟමින් සිටින අතර ඔවුන් රට තුළ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බව ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.



Post a Comment