ගාල්ලේ සිසුවෙක් අතුරුදහන්

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ 19 හැවිරිදි ශිෂයෙකු පසුගිය 13 වැනිදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

සිය නිවසේ සිටි අදාළ සිසුවා 13 වැනිදා අලුයම සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ පියා අද දෙරණට ප්‍රකාශ කළේය.


ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා යම් ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් එම ශිෂ්‍යයා මානසික ව්‍යාකූලතාවයෙන් පසු වු බවට ද වාර්තා වෙයි.


වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.



Post a Comment