විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ජනපති නියමයෙන් සහන රැසක්

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අදාළ වැඩපිළිවෙළ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණදෙන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජය මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.


ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව විසින් සංවිධානය කළ හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් පළ කළේය.


එහිදි වැඩිදුරටත් කරුණු දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ විදේශයන්හි සේවය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමි වන විශ්‍රාම වැටුප සිය රටට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බවයි.


ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ එම ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය තුළ යාල්දේවී දුම්රිය යාපනය බලා ගමන් කරවීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කර සිටියේය.


එසේම පැමිණි සිටි පිරිස ජනාධිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment