ජනපති උතුරු අධිවේගයට මුල්ගල තබයි

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මහනුවර ගලගෙදර ප්‍රදේශයේ දී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි.


අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිත උතුරු අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීමේ කටයුතු මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව කොළඹ සිට මහනුවරට පැය එකහමාරක පමණ කාලයකින් ළඟා වීමට හැකිවනු ඇති බව සඳහන්ය.


කිලෝ මීටර 300ක දුරකින් යුත් උතුරු අධිවේගී මාර්ගය අදියර 04 ක් යටතේ ඉදිකිරීමට නියමිතය.


මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 04 යි දශම 05 ක පමණ මුදලක් වැයවෙතැයි අපේක්ෂා කෙරෙයි.



Post a Comment