වැස්සට ළමයා තෙමුණා කියා උපසභාපති විදුහල්පතිට ගහලා

සිය ළමයා වැස්සට තෙමීම සම්බන්ධයෙන් කැකිරාවේ පාසලක විදුහල්පතිවරයෙකු සමග ඇතිකර ගත් මත ගැටුමක් දුරදිග ගොස් එකී විදුහල්පතිට පහරදීමේ චෝදනාව මත සැකපිට කැකිරාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති අනුර බණ්ඩාර හේරත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සිට අනුරපුරට වැඩම කෙරෙන සර්වඥ ධාතු වන්දනා කිරීම සඳහා එකී විදුහල්පතිවරයා පාසල් සිසුන් කැකිරාව නගරයට යවා ඇත.


එහිදී ඇද හැළුණු වැස්සකින් පාසල් සිසුන් තෙමී තිබේ.


ඒ අතර උප සභාපතිගේ ළමයා ද සිට ඇත.


ඒ ගැන විමසීමට එකී උප සභාපතිවරයා විදුහල්පතිගේ කාර්යාලයට ගොස් එහිදී ඇතිකර ගත් බහින් බස්වීමකින් පසු පහරදීමක් සිදුව ඇති බවත්, ඒ අනූව සැකපිට ඔහු කැකිරාව පොලීසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment