ලංගම රියදුරුට හඹාගෙන ඇවිත් ගහයි

දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේ දී මාතර ඩිපෝවට අයත් ලංගම බස් රථ රියදුරෙකු පහරකෑමට ලක්ව තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් හිමිකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත.


අදාළ බස් රථය මාර්ගයේ ධාවනය කරමින් තිබිය දී වතුර වළකින් වෙළඳසැල තුළට ජලය විසිවීම හේතුවෙන් අදාළ වෙළඳසැල් හිමිකරුවා උරණ වී තිබේ.


පසුව ඔහු තවත් පුද්ගලයෙකු සමඟ යතුරු පැදියකින් බස් රථය ලුහුබැඳ ගොස් එහි සිටි රියදුරුට පහර දී ඇති බව පොලිසිය පැවසුවේය.


පහර දීමෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු බතීගම රෝහලට ඇතුළත් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරු සහ ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment