ලංකාවට ගංජා ඇද්ද 3ක් තමිල්නාඩුවේදී මාට්ටු

ශ්‍රී ලංකාවට ගංජා ජාවාරම් කළ පුද්ගලයින් තිදෙනෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු රාමනාදපුරම් හි දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනාකමින් යුතු ගංජා කිලෝ ග්‍රෑම් 100 ක පමණ තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්ය.


සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කර තිබු බවට අනාවරණය වී ඇත.


ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලසිය විමර්ශන සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment