රිය අනතුරු වලින් 5ක් මරුට

ගත වු පැය විසි හතර තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු අනතුරු වලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

අහුංගල්ල කොටවත්ත පාරට හැරෙන මංසන්දියේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


මියගිය පුද්ගලයා වැලිකන්ද අහුංගල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


කළුතර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වු ටිපර් රථයක් දෙල්දූව ගලවල හංදිය අසළ දි එම දිශාවටම ධාවනය වු පාපැදියක ගැටීමෙන් 71ක් හැවිරිදි පාපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


මේ අතර පානදුර කිරිවේරිය මාර්ගයේ ගල්පොත්ත පාර ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි 77 හැවිරිදි කාන්තාවක යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තිබේ.


පුත්තලම ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලා සේවකයෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා ආනමඩුව මහඋස්සාව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙකු බව වාර්තා වෙයි.


කුරුණෑගල පුත්තලම මාර්ගයේ සාරගම වැව අසළ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් එහි රියදුරු මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා කොළඹ පාර බෝයගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකු බව කුරුණෑගල පොලීසිය සඳහන් කළේය.



Post a Comment