තරුණයින් දෙන්නාම මරුට

කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 07.45ට පමණ වෙලේකඩේ දෙස සිට කඩවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබු විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු අකරගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.


මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 18ක් වන අකරගම මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.


පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment