විදුලිබල මණ්ඩල සේවකයාට ප්‍රහාරයක්

මහව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක්, නාවික හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වූ විදුලිබල මණ්ඩලයේ මණු කියවන්නෙකු අඹන්පොල රජයේ රෝහලට ඇතුළත්ව තිබේ.

ප්‍රහාරයට ලක්වූ කැළුම් හර්ෂණ නැමැති 23 හැවිරිදි එම නිලධාරියා පොලීසියට පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් බීමතින් සිටි බවයි.


ඔහු වාරියපොළ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ යටතේ සේවය කරන නිලධාරියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනාම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි.


ප්‍රහාරයට ලක්වූ එකී සේවකයා රෝහල්ගතව සිටින අයුරු.


ඡායා රූ - සංජීව රත්නායක



Post a Comment