පුලියන්කුලම් හින්දු විද්‍යාලයේ පැවති ජංගම සේවාවක් සඳහා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නොවීම පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
හැඳුනුම්පත් ලබාදීම, කෘෂිකාර්මික ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අද දිනයේ උතුරු පළාත් සභාව පුලියන්කුලම විද්‍යාලයේ ජංගම සේවාවක් කැඳවා තිබුණි.
කෙසේ වෙතත් මෙම ජංගම සේවාවට පොලිස් නිලධාරීන් පමණක් සහභාගී වී සිටි බව වාර්තා වෙයි.
ප්‍රාදේශීය ලේකම්වරයා හෝ අදාළ ග්‍රාම නිලධාරීවරුන් මෙම ජංගම සේවාවට සහභාගී නොවු බව සඳහන් වෙයි.
මේ හේතුවෙන් ජංගම සේවාවෙන් ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණි ජනතාවට කිසිදු සේවාවක් සිදුනොවු බව ද ප්‍රදේශයේ අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා සම්බන්ධ කරගැනීමට අද දෙරණ කිහිපවරක් උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ත වුණි.
කෙසේ වෙතත් පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රදේශයේ දී යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැත්වුණි.
එම නිල කමිටු රැස්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හෝ පළාතේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී වුයේද නැත.

Post a Comment