සීමාවාසික වෛද්‍යවරුන් සඳහා රක්ෂණ ක්‍රමයක් අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පුත්තලම මහ රෝහලේ සීමා වාසික වෛද්‍ය නිලධාරිනියක් අද(18) අලුයම ගිලන් රථයකින් රෝගියෙකු ප්‍රවාහනය කරමින් සිටියදී සිදුවු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අදහස් පළ කළේය.
ඔවුන් පවසන්නේ සීමා වාසික වෛද්‍යවරුන් පුහුණුව ලබන නිලධාරීන් පිරිසක් බැවින් රජයේ ස්ථීර සේවකයන්ට හිමිවන වරප්‍රසාද ඔවුන්ට අහිමිව ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ ඉතා ඉක්මනින් සීමාවාසික වෛද්‍යවරුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා සඳහන් කළේට.

Post a Comment