මොණරාගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ බාර අරමුදල සහ මොණරාගල දිස්ත්‍රික් රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමිකයින්ගේ සුබසාධක සංගමය අද (13) මොණරාගල නගරයේ දී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
2006 වසරෙන් පසු විශ්‍රාම ලැබු සහ 1997 දක්වා විශ්‍රාම ලැබු පුද්ගලයින් අතර පවතින විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
උද්ඝෝෂණයේ නිරත සංගම් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කර දිසාපතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට ලබාදීම සඳහා සංදේශයක් බාරදී තිබේ.
මෑතකදී ගාල්ල නගරයේද විශ්‍රාමිකයින් පිරිසක් මේ ආකාරයටම විරෝධතාවක නිරත වූ අතර විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට ඔවුන්ද එහිදී ඉල්ලා සිටියේය.

Post a Comment